අනේ මට බෑ අම්මේ ඉස්කෝලේ යන්න..වෙන්න තිබුන ඒ මහා විපත පුංචි මල් කැකුළට කලින්ම දැනිලද..?පෙරපාසල් ගිය මල් කැකුළට අත් වූ කදුලු කාතාවේ අප නොඇසූ කතාව..

අනේ මට බෑ අම්මේ ඉස්කෝලේ යන්න..වෙන්න තිබුන ඒ මහා විපත පුංචි මල් කැකුළට කලින්ම දැනිලද..?පෙරපාසල් ගිය මල් කැකුළට අත් වූ කදුලු කාතාවේ අප නොඇසූ කතාව..

ඇයගේ ජීවිතය මිලින වෙන්න හේතුව නොසැලකිල්ලද..? සිව් හැවිරිදි රෝස මලක් සියල්ලන් හඬවමින් සැඟව ගිහින්..

මේ මරණය ඇත්තටම බොහෝ දෙනා සංවේගයට පත් කළ කාරණය වුණා.. පුංචි දුවකට මේ සිද්ධ වුණේ කුමක්ද..? සුරතල් අමායාට ආදරය කරන බොහෝ දෙනෙක්ට ඇත්තටම මේ කතාව නම් හීනයක් වගේ..

“අනේ අම්මෙ මං ගෙදර එන­කොට කොහෙ­වත් යන්නෙ නැතුව ගෙදර ඉන්නවා නේද? මට ඔයා නැතුව කවුරු හිටි­යත් වැඩක් නෑනෙ. ඔයත් එක්ක මං ඉස්කෝලෙ නොගි­හින් ගෙද­රම ඉන්නද? අනේ මට බෑ අම්මෙ ඉස්කෝලේ යන්න.” පුංචි අමායා උදෑ­සන මවට තුරුලු වෙමින් පාසල් යෑමට නොහැකි බව පව­ස­මින් හුර­තල් වූයේ මෙවැනි විප­තක් සිදු වන බව ඉවෙන් මෙන් දැන­ගෙ­නද?

එහෙත් අව­සා­නයේ පෙර පාසල් ඇඳු­මෙන් සැරසී පුංචි සුර­ත­ලිය ත්‍රිරෝද රථ­යට නැඟුණේ මේ යන්නේ අව­සන් වතා­වට වීම කොත­රම් ශෝච­නී­යද?

පර­ග­ස්තොට, මිල්ල­නිය අවට දරු­වන් අට දෙනකු දින­පතා ලබු­ගම ප්‍රදේ­ශයේ සිඟිති පෙර පාස­ලට රැගෙන යන්නේ මේ ත්‍රිරෝද රථ­යෙනි.

පෙර පාසල අව­සන් වීමෙන් පසුව පුංචි අමායා ත්‍රිරෝද රථ­යට ගොඩ වූයේ නිවෙ­සට යන විට රැකි­යා­වට යෑමට සූදා­නම් වෙමින් සිටින මව දැක­ගැ­නීමේ අටි­යෙනි.

409/A, බට­හිර පර­ග­ස්තොට, පර­ග­ස්තොට ලිපි­නයේ පදිංචි පෞද්ග­ලික ආය­ත­න­වල රැකි­යාව කරන 27 හැවි­රිදි උදේ­ශිකා සෙව්වන්දි සහ 30 හැවි­රිදි ඩිලාන් ප්‍රසන්න යුව­ළට සිටි එකම දරුවා වන්නේ අමායා දිව්‍යාං­ගනී දිය­ණි­යයි. තව­මත් අවු 4යි මාස 06ක් වය­සැති ඇය මවු­පිය ආද­රය මැද හැදී වැඩුණේ අස­ල්වැසි නෑදෑ­යන්ගේ ද සැල­කිලි නොඅ­ඩුව ලබ­මිනි.

සුපු­රුදු පරිදි 25 වැනිදා දහ­වල් දරු­වන් අට දෙනකු සහ තවත් මවක් සමඟ ලබු­ගම පෙර පාසලේ සිට පැමිණි ත්‍රිරෝද රථ­යට ගමන් කළ හැකි වූයේ කිලෝ­මී­ටර් හත­රක් පමණි.

කුකුළු පැට­වුන් මෙන් දරු­වන් පිරිස කිටි කිටියේ පටවා ගත් ත්‍රිරෝද රථය මිල්ල­නිය ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථා­නය පසු කර තර­මක් ඉදි­රි­යට ගමන් කර­මින් තිබුණි.

ඒ මිල්ල­නිය, රන්මි­ණික ප්‍රදේ­ශ­යයි. හයක් හත­රක් නොදන්නා කුඩා දරු­වන් වට පිට සිරි නැර­ඹී­මට දක්වන්නේ විශාල කැමැ­ත්තකි. අමායා සිටියේ ත්‍රිරෝද රථයේ දකුණු පස කෙළ­ව­රට වෙන්න­ටයි. ඇය මොහො­ත­කට තම හිස ත්‍රිරෝද රථ­යෙන් පිට­තට යොමු කර­න්නට ඇත්තේ සම­හර විට ඇය එම අයිනේ සිටි නිසාත් අවට කුමක් සිදු වන්නේ දැයි දැක­ගැ­නී­මේත් ආසා­වෙන් විය යුතුය.

එහෙත් ඉදි­රි­යට පැමිණි ටිපර් රථය ත්‍රිරෝද රථය පසු­කර යන විට එහි පිටු­පස රෝදය අසල ඇයගේ හිස ගැටුණේ කිසි­ව­කුත් නොසිතූ අයු­රින්ය.

පුංචි අමා­යාගේ හිසට බර­ප­තළ තුවාල සිදු විය. පසුව ඇය හල්තොට රෝහ­ල­ටත්, පසු හොරණ දිස්ත්‍රික් මහ රෝහ­ල­ටත් රැගෙන යෑමට කට­යුතු කළත් ජීවි­තය බේරා ගැනී­මට හැකි­වූයේ නැත.

“අනේ ඊයේ රෑත් මං කකුලෙ තියා­ගෙන හොල­වලා නේද නිදි කළේ. ඔය ටික දුර මට මගේ දරුවා පරි­ස්සම් කරලා ගෙද­රට ගෙනත් දෙන්න බැරි වුණේ ඇයි දෙයි­යනේ”

ඇගේ විලා­පය මුළු පර­ග­ස්තොට, මිල්ල­නිය, අර­ක­ගොඩ ගම්මාන සිසාරා රැව් දෙන්නේ දරු­වන් ඇති නැති සියලු දෙනා කම්ප­න­යට පත් කර­මිනි.

“ඉස්කෝලේ නිවා­ඩු­වට අපි කොහේ­හරි ඇවි­දින්න යමු කිය­ලත් කිව්වා. ගෙදර ඉන්න­කොට හැම තිස්සේම මගේ පස්සෙ­න්මයි හිටියේ. අනේ මගේ පණ නැතුව මං කොහො­මද ඉව­සා­ගෙන ඉන්න ද දෙයි­යනේ”

උදේ­ශිකා රැකි­යා­වට යන්නේ දහ­වල් එක­හ­මා­රට පම­ණය. ඇය රැකි­යාව නිමවී ආපසු එන­තුරු අමායා සිටින්නේ සිරි­යා­වතී මිත්ත­ණිය සහ කුමාර සීයා සම­ඟයි.

මිය ගිය දැරි­යගේ හදිසි මරණ පරී­ක්ෂ­ණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරී­ක්ෂක, සාම විනි­සුරු සුමේධ ගුණ­ව­ර්ධන ඉදි­රියේ පැවැ­ත්වෙන අතර, මිල්ල­නිය පොලිස් ස්ථානා­ධි­පති, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මහික ද සිල්වා, රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක සමන් අල්විස් මහ­ත්ව­රුන්ගේ මෙහෙ­ය­වී­මෙන් ඉදිරි විම­ර්ශන සිදු කෙරේ.

Local Gossip