ආපදා කදවුරු වලදී මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

ආපදා කදවුරු වලදී මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

අවතැන් කඳවුරු සේවයට කෙටි සෞඛ්‍ය උපදෙස්

🔴ආහාර සුරක්ෂිතතාව

📍 නරක් වීම පරීක්ෂා කිරීම: කල් ඉකුත් වූ දින (Expiry Date) සහිත කිසිදු ආහාරයක් කිසිසේත්ම ලබා නොදෙන්න.
📍පිසූ ආහාර: පිසූ ආහාර ගෙන යන්නේ නම්, ඒවා බෙදීමට පෙර පැය 2කට වඩා වැඩි කාලයක් කාමර උෂ්ණත්වයේ තිබීම වළක්වන්න.
📍ආරක්ෂිතව තැබීම: සියලුම ආහාර වසා දැමූ සහ මැස්සන්ගෙන් ආරක්ෂිත භාජනවල තබා බෙදා හරින්න.
📍හානි වූ ඇසුරුම්: ඉරී ගිය, තෙත බරිත වූ හෝ පිම්බුණු ඇසුරුම් සහිත කිසිදු ආහාරයක් පරිත්‍යාග නොකරන්න.

🔴ජලය සහ සනීපාරක්ෂාව

📍පානීය ජලය: පානය සඳහා තදින් වසා ඇති බෝතල් කළ ජලය පමණක් ලබා දෙන්න.
📍 පිරිසිදු භාජන: ජලය හෝ ආහාර ගබඩා කිරීමට යොදන බහාලුම් පිරිසිදු බවට සහ පියන් සහිත බවට සහතික වන්න.
📛අත්‍යවශ්‍ය ද්‍රව්‍ය: සබන්, දියර සබන්, සනීපාරක්ෂක තුවා සහ දත් බුරුසු වැනි පෞද්ගලික සනීපාරක්ෂක ද්‍රව්‍ය ප්‍රමුඛතාවයෙන් ලබා දෙන්න.

🔴ස්වේච්ඡා සේවකයන්ගේ ආරක්ෂාව

📍දෑත් සේදීම: ආහාර හැසිරවීමට පෙර සහ පසු අනිවාර්යයෙන් සබන් යොදා දෑත් සෝදන්න.
📍ආරක්ෂිත ඇඳුම්: ආහාර බෙදා දීමේදී අත්වැසුම් (Gloves) සහ මුව ආවරණ (Masks) පළඳින්න.
📍රෝගී තත්ත්ව: උණ, කැස්ස හෝ පාචනය වැනි රෝගී ලක්ෂණ ඇත්නම්, ආධාර බෙදා දීමෙන් ඉවත් වන්න.

🔴අපද්‍රව්‍ය කළමනාකරණය

📍කසළ ඉවත් කිරීම: ඔබ ලබා දුන් ද්‍රව්‍යවල හිස් ඇසුරුම් සහ කසළ කඳවුරු භූමියේ නොතබා, නිසි පරිදි වසා දැමූ කසළ බඳුන්වලට බැහැර කරන්න හෝ නැවත රැගෙන යන්න.
📍 කසළ බඳුන්: කඳවුරු තුළ පියන් සහිත කසළ බඳුන් තැබීමට හැකි නම්, එයට සහාය වන්න.
📌 අවසන් සටහන: කඳවුරේ බෝවන රෝග ලක්ෂණ (මී උණ, පාචනය) දුටුවහොත්, වහාම මහජන සෞඛ්‍ය පරීක්ශක තුමාට(PHI), MOH office එකට දැනුම් දෙන්න.

සෞඛ්‍යමත් ආරක්ශාකාරී පරිසරයක් ගොඩ නැගීම උදෙසා ,
–ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ශක වරුන්ගේ සංගමය–

 

Local Gossip