Home දේශිය පුවත් දෙමව්පියන්ගේ සතුට වෙනුවෙන් කට්ටක් කාපු නිමේෂ්ගේ එදා සහ අද සෙල්ෆියේ නොදත් කතාව...

දෙමව්පියන්ගේ සතුට වෙනුවෙන් කට්ටක් කාපු නිමේෂ්ගේ එදා සහ අද සෙල්ෆියේ නොදත් කතාව මෙන්න.

0
102

සොබාදහම අපට දඬුවම් කරන්නේ මහා පුදුමාකර විදියට. ‘දිට්වා’ යන්න ගියෙත් එලෙස මිනිසුන්ට තවත් වසර ගාණකට හිස ඔසවන්නවත් බැරි තරමට දඬුවම් කරමින්ය.

ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ නොවූ විරූ ව්‍යසනයකට මෙවර මුහුණදුන් අතර, ඒ හේතුවෙන් ජීවිත රැසක් අහිමි විය.

එමෙන්ම කිසිවෙකුටත් අතනොපා සිටි තවත් බොහෝ දෙනෙකුට යනඑනමන් නැති කළේය.

එලෙස අසරණ වූ මිනිසුන් අතර තම දෙමව්පියන්ගේ සතුට වෙනුවෙන් කට්ටක් කා උඩටම ආ නිමේෂ්ද විය.

නිමේෂ් වික්‍රමරත්න ජීවත් වූයේ මාවනැල්ල අරණායක ප්‍රදේශයේ අම්බලන්කන්දේය.

ඔහු වෘත්තියෙන් පිත්නාරු ශිල්පියෙක්ය. පුංචි තැනින් වෘත්තිය ගමන ආරම්භ කළ ඔහු ලොකු ගමනක් යමින් සිටියේය.

නිමේෂ්ගේ එකම අරමුණ වූයේ තම දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් ඔවුන් ජීවත් වූ නිවස අලංකාකරව ගොඩනගාගැනීමය.

එය ඔහු යථාර්ථයක් කරගත්තේය.

කෙසේ නමුත් ඒ සියල්ල එක නිමේෂයෙන් සුණු විසුණු විය.

තම මහන්සියෙන් ගොඩනැගූ නිවසේ අවසානයේ ඔහුට ඉතිරි වූයේ සෙල්ෆි ඡායාරූපයක් පමණි.

මේ වනවිට පාසලක ස්ථාපිතකර ඇති සුරක්ෂා මධ්‍යස්ථානයක රැඳී සිටින නිමේෂ්, සිය වේදනාව වැඩිකමට නිවසේ එදා සහ අද තත්ත්වය තම ‘ෆේස්බුක්’ ගිණුමේ පළ කළේය.

කෙසේ නමුත් එලෙස සිටින අතරවාරයේ අද දෙරණ නාලිකාවේ ‘ආපදා තත්ත්වය පිළිබඳ සජීවී වැඩසටහනට’ සම්බන්ධ කරගැනීමට අද (5) හැකිවිය.

“ගේ තිබ්බ තැනක්වත් නෑ. දැන් වැඩක් නෑ අයියේ ” එහිදී ඔහුගෙන් කියවූ එකම කථාව විය.

ආදරයෙන් ගොඩනැගූ නිවස නිමේෂ්ට අහිමි වුවත් ඔහුගේ ලොකුම සම්පත වූ දෙමාපියන් ඔහු සමග සිටී.

“නිමේෂ් ඔයා වැටෙන්න එපා. අපි ඉන්නවා. අපිත් එක්ක එකතුවෙන්න කට්ටිය ඉන්නවා.

ඔයාගේ ගෙදර ඔය ගාණට හදන්න බැරි වුණත්, කොහොමහරි ගේමක් ගහමු” මෙම වැඩසටහනේදී නිමේෂ්ට දුන් දිරිගැන්වීම විය.

Previous articleගං වතුරට ආධාර රැගෙන යාමේදී මේ ගැනත් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න..උදව්වට යන්න කලින් මෙ ගැනත් දෙපාරක් හිතන්න.
Next articleව්‍යසනයෙන් පසු මානසික කඩාවැටීමෙන් මිදෙන්නේ කොහොමද..සහනයක් ලබා ගන්න නම් මෙන්න මේ කියන සරල ක්‍රම ටික කරලා බලන්න..
error: Content is protected !!
Verified by MonsterInsights