Home දේශිය පුවත් දවස් 5කට පස්සේ ගෙදර ආවා. ගංවතුරට යට වෙලා තිබ්බ ගෙදරට” ”මේ හොඳයි.....

දවස් 5කට පස්සේ ගෙදර ආවා. ගංවතුරට යට වෙලා තිබ්බ ගෙදරට” ”මේ හොඳයි.. සමහර ගෙවල් තිබ්බ තැන්වල දැන් වෙද්දි ගෙයක්වත් හොයාගන්න නෑ”

0
77

ගෙවුණු දින කිහිපයේම, ආපදාවට ලක්වූ අපේම මිනිසුන් වෙනුවෙන් කැපවෙන ජනප්‍රිය චරිත අතර රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකා ද වඩාත් කැපී පෙනුණා.

ඈ එහෙම අනෙකා වෙනුවෙන් වෙහෙස මහන්සිව කටයුතු කළේ, ඇගේ නිවස ද ගංවතුරට යටව තිබුණු මොහොතක.

ජලය බැස ගිය පසු දින පහකින් ‍යළි නිවසට ආ ඇය, සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහනයි මේ…

”මේ සිදුවූ ව්‍යසනයෙන් ආයෙ ආයෙ අපිට කියලා දුන්නේ එකම පාඩමයි, ඒ අපි හැමෝම එක සමානයි කියලා, මනුෂ්‍යකම තමයි හැමදේටම වැඩියෙන් උසස් කියලා.

දවස් 5කට පස්සේ ගෙදර ආවා, ගංවතුරට යට වෙලා තිබ්බ ගෙදරට, ඊයේ හවස් වෙද්දි වතුර බැහැලා ගිය නිසා අද ආයි ගෙදරට එන්න පුළුවන් උනා,

මේ හොදයි, මොකෝ ලංකාවේ සමහර ගම්පලාත්වල ගෙවල් තියෙනවා තිබ්බ තැන්වල දැන් වෙද්දි ගෙයක්වත් හොයාගන්න නැති මිනිස්සු විශාල ප්‍රමාණයක්.

ඒ නිසා අපි, අපිට පුලුවන් විදිහට හැමෝටම පිහිටවෙමූ.

අපි ආයි හැමදේම මුල ඉඳන් පටන් ගමූ, ගොඩ දාමූ. වැටෙනවා, හැබැයි වැටෙන්න වැටෙන්න ආයි නැගිටිමූ, අපි ලංකාවේ මිනිස්සු නැගිටිනවා, අපිව වට්ටන්න ලෙසි නෑ… අපේ හිත් හයියයි, ඊට වඩා අපේ මනුෂ්‍යකම ප්‍රබලයි!

PS : කලින් දවසේ හදිස්සි දැනුම් දීමක් කරතිබූ නිසා ගෙදර පහල මහලේ තිබුනූ ගොඩක් දේ උඩු මහලට අරන් ගියා.
PPS : අනුකම්පාව බලාපොරොත්තුවෙන් දාපු post එකක් නෙවෙයි මේ”

#ChannelE

Previous articleනොසිතූ නිමේෂයක ගමක් හඬවමින් අවසන් ගමන් ගිය තුල්හිරියේ පවුල.
Next article“මගේ ජීවිතයේ ලොකුම සම්මානයත් මට ලැබුණෙ මේ අවුරුද්දේ..” දිනක්ෂි මේ කියන්නේ මොකක් ගැනද..?
error: Content is protected !!
Verified by MonsterInsights