Home දේශිය පුවත් දන් දෙන්න තියා කන්නවත් නැති අපට, නිවන ඕනමද ? – ජනප්‍රිය රංගන...

දන් දෙන්න තියා කන්නවත් නැති අපට, නිවන ඕනමද ? – ජනප්‍රිය රංගන ශිල්පිණි සමනලීගේ ආන්දෝලනාත්මක සටහනක්…

0
126

මහල්ලෙක් ලෙඩෙක් ඔයාට මැජික් ද සිද්ධාර්ථ ?

පාරවල් ගානෙ ඇවිදල බලන්න !
මාලිගා වලින් බැහැල බලන්න..
මහල්ලු ලෙඩ්ඩු බේත් ගන්න
සල්ලි නැතිව ජීවිතේ අතෑරපු මළමිනී
එමටයි සිද්ධාර්ථ………..!

ඒවා නොදුටුවා සේ ඉන්න..
පැවිදි රුවවල් හැමතැනම
සිද්ධාර්ථ !

යමාමහ පෙළහර
ඕන නෑ සිද්ධාර්ථ !

බුදු බවතියා උන්ට උන්වත්
ෂුවර් නෑ සිද්ධාර්ථ !

උඹට සැප අප්පිරිය වෙලා..
අපිට දුක අප්පිරිය වෙලා…
සිද්ධාර්ථ !!

“මම හුස්ම උඩට ගනිමි”
කුණු කඳු පාමුල්ලෙ මීතොටමුල්ලෙ උන්ට….
ආනා පාන සතිය වඩන්න වත්
බෑ සිද්ධාර්ථ !!

මීතේන් වායුවට පපු තැම්බිල සිද්ධාර්ථ !

සූ සැට ශිල්ප ඔක්කොම මාකට් එකේ විකුණනව සිද්ධාර්ථ…!

“අග්ගො හමස්මි ලෝකස්ස”

ඉපදෙද්දී නෙලුම් මල් තියා..
සෙරෙප්පු දෙකක් නැති
සිරිපතුල් හීරිලා සිද්ධාර්ථ !

“කත පුඤ්ඤෝ උභයත්ථ නන්දති ”

පෙර පින් කරපු උන් සතුටු වෙති..

අපි පෙර කරපු පව් ගෙවෙන්නෙම නැද්ද සිද්ධාර්ථ !

දන් දෙන්න තියා කන්න වත් නැති අපට
නිවන ඕනමද සිද්ධාර්ථ ?

සතර පෙර නිමිති දැකල ඇතිවෙලා සිද්ධාර්ථ…!

මහල්ලෙක් ලෙඩෙක් ඔයාට මැජික් ද සිද්ධාර්ථ ?

-දෙවරක් පෙරන ලද පිරිත් පැන් |
තැන්නේ ඤාණානන්ද හිමි

From Kalpana Ambrose wall ♥️

Previous articleමෙන්න ඔබ බලාගෙන සිටි උසස් පෙල ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න..!
Next article“මම ඇහුවා කෝ අපේ අම්මල කියල. ටික වෙලාවක් මගේ මූණ බලන් හිටපු අය අර ඉන්නේ කියලා අත දික් කරා…” සැණෙන් පරවගිය නෙලුම්මල..
error: Content is protected !!
Verified by MonsterInsights