තම ජීවිත ගැනවත් නොසිතා අසරණ වූ මිනිසුන් 60කට වඩා ජීවිත බේරූ මාතර වැලිගම කොල්ලා…

තම ජීවිත ගැනවත් නොසිතා අසරණ වූ මිනිසුන් 60කට වඩා ජීවිත බේරූ මාතර වැලිගම කොල්ලා…

මේ කොල්ල මාතර වැලිගම කොල්ලෙක් එයා ගංවතුර දවස්වල එයාගේ ජීවිතේ ගැනවත් නොසිතා අසරණ මිනිස්සු 60කට වඩා ජීවිත බේර ගෙන

ඒ ගමේ අය මෙයාට ඇගයීමක් දීල කරපු හොද වැඩේට ඒක පට්ට වටිනව එයත් වීරයෙක්

මේ චතුරංග….
උඩුබද්දාවෙ ගංවතුර අවදානමට ළක් වූ ජීවිත 60 කට වැඩි පිරිසක් බේරගත්තෙ අපි වෙනුවෙන් ස්වේච්ඡා වෙන් ඉදිරිපත් වූ චතුරංග..
බෝට්ටුවට නගින්න චතුරංග පිටත් වුනේ එන්ජිම අතේ අරන් අපේ රංග එක්ක…
ට්‍රැක්ටරේක නැගල කට්ටිමහන මහාජල කද තරණය කරපු චතුරංගටයි රංගටයි saftey jacket ටික දෙන්න අපිට කල්පනාවක් වුනේ නෑ..saftey jacket නැතුව රුදුරු ජල කඳට ගිය චතුරංග රෑ වෙද්දි පීටර් වත්තෙ කුඩා, තරුණ මහලු 60 කට වඩා වැඩි පිරිසක් ආරක්ෂිතව ගොඩට ගෙනාව..
අද ගමේ පිරිස එකතුවෙලා චතුරංගට උපහාර උත්සවයක් සැලසුම් කරල.
චතුරංගට මුදලින් වගේම එදා බෝට්ටුවට වැටිල විනාශවුන phone එකට අලුත්ම phone එකකුත් තෑගි ලැබුනා..
චතුරංග හරි නිහතමානිව ඒ සියල්ල බාරගත්තෙ හිතේ ලොකු සැනසීමකින් කියල දැනුනෙ..
එදා ඒ මොහොතෙ මගෙ දරාගන්න බැරිවුණ පීඩනය නැති කරපු චතුරංගට ප්‍රණාමය පුදකරපු ග්‍රාම නිලධාරී තිසේරා මිස්. EDO සුරන්ජිත් මහතා ඇතුළු ග්‍රාමීය ප්‍රජා ආරක්ෂක කමිටුවට මගේ ප්‍රසංශාව..තුරංග ඔබ ජීවතය දිනලා…

උපුටා ගැනීමකි #මාතර #srilanka

Local Gossip