Home දේශිය පුවත් අනුරට අපහාස කළාම විතර ද රිදෙන්නේ… මයිනා කපුටා පුතාණෝ කියනකොට හොඳයි ද…-...

අනුරට අපහාස කළාම විතර ද රිදෙන්නේ… මයිනා කපුටා පුතාණෝ කියනකොට හොඳයි ද…- කුමාර තිරිමාදු

0
102

ගං වතුර ආපදාව සමග සමාජ මාධ්‍ය සහ YouTube කරුවන් ජනාධිපති අනුර දිසානායකට අපහාස කරන බවත් ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළ බව ප්‍රවීණ නළු කුමාර තිරිමාදුර පවසයි.

“හරි මම ඒක පිළිගන්නවා. ජනාධිපතිතුමාට එහෙම කියන එක හරි නෑනේ. එතකොට මයිනා කියලා පටන් ගත්තේ කවුද? මයිනා මයිනා මයිනා කියද්දි මහින්දගේ හිත රිදුණේ නැද්ද? අනුරගේ විතර ද රිදෙන්නේ? කපුටා කපුටා කපුටා කියලා ගැහුවා. නාමල්ට ගහනවා නා මළේ කියලා.

ඒගොල්ලෝ ගහනවා. එතකොට හිතන්න ඕන මටත් මේක එනවා කියලා. මම කතා කරන්නේ බුදු දහමින්. බුදු හාමුදුරුවෝ කියන්නේ ඔන්චිල්ලාව මෙහාට ගියොත් ඔහේටත් එනවා. බඩු ඇවිල්ලා නෙ තියෙන්නේ දැන්. එතකොට පුතාණෝ කියලා සජිත්ට ගැහුවා. අනුරට කියන කොට හොඳ නෑ. පුතානෝ කියන්න කියලා පාර්ලිමේන්තුවේ ගැහුවා.

 

ඒගොල්ලෝ නෙ ඒක ඉස්සෙල්ලා නතර කරන්න ඕන. කිසිම රාජ්‍ය නායකයෙකුට අපහාස කරලා නම් පට බඳින්න එපා කියලා නීතියක් ගේන්න. ගෝඨාභයට බැන්නේ කුණුහරුපෙන්. ඉස්සර මාධ්‍යකාරයෝ වක්‍රව ආණ්ඩුවලට නායකයන්ට වක්‍රව ගැහුවා. හැබැයි නම්ගම්වලට අපහාස කරලා ගැහුවේ නෑ. ඒ හැමෝටම අපහාස කරලා අනුර සහෝදරයාට අපහාස කරන්න එපා කිව්වම ඒක වෙන්නේ නෑ.”

රූපවාහිනි සංවාදයකට එකතු වෙමින් කුමාර තිරිමාදුර මේ බව කීය.

Source – Lanka C News

Previous articleදින 12ක් ඔවුන් ගත කළේ කොහොමද..? අයහපත් කාළගුණය නිසා බැටකෑ තවත් ගම්මානයකට අත්වූ ඛේදනීය ඉරණම මෙන්න..
Next article‘අපි දෙන්නගෙ හදහන් පොඩ්ඩක්වත් ගැළපුණේ නැහැ” ”මට හිතෙන්නේ අපිට හමුවෙන්නේ කලින්ම දෛවයෙන්ම අපිට ලියවුණ අයමයි ‘
error: Content is protected !!
Verified by MonsterInsights