ඇය මවක් වෙලා දරු සුරතල් බලන්න නම් කොතරම් හීන දකින්න ඇතිද ? සියල්ලන්ගේ හද කම්පා කරවන කතාවක්..

ඇය මවක් වෙලා දරු සුරතල් බලන්න නම් කොතරම් හීන දකින්න ඇතිද ? සියල්ලන්ගේ හද කම්පා කරවන කතාවක්..

පැවතුණ අයහපත් කාලගුණය නිසා රටටම සිදුවුණ හානිය ගැන ආරංචි හැම තැනින්ම ආව. ඒ අතරින් ජීවිත රැසක්ම අහිමි කරපු හරිම දුක්ඛිත සිදුවීමක් තමයි හසලක, උඩත්තව, නෙළුම්මලගම ගම්මානයේ සිද්ධ වුණේ.

අපේ හිරු ප්‍රවෘත්ති කණ්ඩායම මේ විපතට පත්වුණු ගම්මානයේ වත්මන් තත්ත්වය ගැන හොයලා බලන්න ගිහින් තිබුණා. සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය 27 වැනිදා.

නකල්ස් රක්ෂිතයට මායිම් වෙලා තියෙන, සොබා සෞන්දර්යයෙන් පිරිච්ච හරිම ලස්සන ගමක් තමයි මේ නෙළුම්මලගම. මේ ගමට කිලෝමීටර් 6.5ක් විතර දුරින් පිහිටි යහන්ගල කන්දේ කොටසක් තමයි කිසිවෙකු නොසිතූ මොහොතක නාය ගිහිල්ලා තියෙන්නේ.

මේ කන්ද නාය යෑමත් එක්ක මුළු ගමේම ජීවිත 31ක්ම අතුරුදන් වෙලා තිබුණා. මේ ගම්මානයේ පවුල් 30කට ආසන්න පිරිසක් ජීවත් වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
කණගාටුවට කාරණය තමයි අවාසනාවන්ත විදිහට, නිවාස 14ක්ම සම්පූර්ණයෙන් විනාශ වෙලා ගිය එක. ඒ වගේම ගම්මුන්ගේ ජීවනෝපාය වුණු අක්කර සිය ගණනක කුඹුරු සහ වගාවන් මුළුමනින්ම පස්වලට යටවෙලා විනාශ වෙලා.

වී ගොවිතැන, ගම්මිරිස් වගේම ගොඩ භෝග වගාවෙන් ජීවිකාව කරගත්තු මේ නෙළුම්මල ගම්වැසියන්ගේ ජීවිත බොහොමයක් අද වන විට පස් යට සැඟවිලා. ඒ නිසා මුළු ගමම අද මළගමක් වෙලා ඉවරයි.

මේ අකාරුණික පස් කන්ද නිසා 30 වැනිදා දරු ප්‍රසූතියට සූදානම්ව සිටි මවකට පවා තම දිවි අහිමි වෙලා තියෙනවා. ඇත්තටම මේක හරිම හද කම්පා කරවන කතාවක්. දැන් ඉතුරු වෙලා ඉන්නා කිහිපදෙනා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට පිළිසරණක් ලබාදෙන්න කියලා….

Local Gossip