Home දේශිය පුවත් ‘දරුවෙක්ට අපහාස කරලා කියලා දාලා තියනවා” ”කිසිම විදියකින් දරුවෙක්ට වැරදි දෙයක් කළේ...

‘දරුවෙක්ට අපහාස කරලා කියලා දාලා තියනවා” ”කිසිම විදියකින් දරුවෙක්ට වැරදි දෙයක් කළේ නෑ” ”මම කිසිම තැනක කිසිම කෙනෙක්ගේ නම මෙතන සඳහන් කරලා නෑ” – මනේෂා ප්‍රනාන්දු

0
120

 

සමාජ මාධ්‍ය ඔස්සේ, විශේෂයෙන්ම tiktok තුළින් වඩාත් ජනප්‍රිය වූ අපූරු යුවතියකි ‘මනේෂා ප්‍රනාන්දු’

ඇයව නොදන්නා කෙනෙක් නැති තරම්.

මනේෂාගේ හිනාවට ආදරේ කරන්නවුන් සෑහෙන්න.

විඩාබර දවසක අවසන, විඩාව නිවාගන්න මනේෂාගේ එකම එක වීඩියෝවක් හෝ හේතුවක් වෙලා ඇති ඔයාටත්.

සමාජයේ අපට හමුවන, එදිනදා ඇසුරු කරන්න ලැබෙන චරිතවල විවිධ ස්වරූපයන් මනේෂාගේ වීඩියෝවලින් නිරූපිතයි.

ඒ බොහෝමයක් චරිත ස්වභාවයන් හාස්‍යය මුසුකර පරිශීලිකයින් අතරට අරන් ඒමයි, මනේෂා සිය අන්තර්ගතයන් තුළින් සිදුකරන්නේ.

එයාකාරයෙන් ඇය ආසන්නතම වශයෙන් කළ, “දැන් ළමයින් හම්බුනාම Luxury life ගතකරන සමහර අම්මලා” මැයෙන් වූ වීඩියෝව සමාජ මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වෙන්න ගත්තා.

ඊට ලැබෙන ඇතැම් ප්‍රතිචාරවල ‘දරුවෙක්ට අපහාස කිරීමක්’ යන්න සඳහන් වීම නිසාවෙන්, ඒ පිළිබඳව සටහනක් තබමින් මනේෂා පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ, තමන් සිය අන්තර්ගතය තුළින් දරුවෙක්ට අපහාස කිරීමක් සිදු නොකළ බව හුවා දක්වමින්….

සම්පූර්ණ සටහන පහතින්,

”හරි මම දැක්කා මම උදේ දාපු Content එකට දරුවෙක්ට අපහාස කරලා කියලා දාලා තියනවා සමහර Comments වල ඒ නිසා කීප සැරයක් මං මගේ video 1 බැලුවා මම කොතනද දරුවෙක්ට අපහාස කරලා තියෙන්නේ කියලා මොකද සමානයෙන් මම video 1 දාන්න කලින් බලනවා මගෙන් වැරදි වචනයක් හරි පිට වෙනවද කියලා.

මොකද,කවුරු මොනවා කිව්වත් මගේ ගමන යනවා කියන මාන්නයෙන් ඉන්න කෙනෙක් නෙමෙයි මම මට හොද කියන වගේම, මට නරක කියන හැමොගෙම Comments වලට මම Respect කරනවා.

ඒ වගේම මගේ Account එකේ මට කැමති, අකමැති දෙපිරිසම ඉන්නවා කියලා මං දන්නවා.

ඉතින් මම එයලා එක්ක බැන ගන්නවත් යන්නේ නැත්තේ මම videos දාන්නේ ඒ දෙගොල්ලන්ටම බලන්න වගේ ම, එයලාට පුලුවන් මගේ videos වල දකින හොද වගේම නරක Comments කරන්න වගේ ඒ දෙකම මම නිහතමානීව භාරගන්න සුදානම්!

මගේ උදේ video එකේ දාලා තියෙන්නේ
*”දැන් ළමයින් හම්බුනාම Luxury life ගතකරන සමහර අම්මලා” කියලා

එතන මම අම්මලා නැතිව සමහර අම්මලා කියලා දාලා තියෙන්නේ හැමෝම එහෙම නැති නිසා.

කාලීනව මේ වගේ සිද්ධි දැකලා තියන නිසා ඒක Content එකකට ගත්ත එක විතරයි මම කලේ සහ මගේ video එකේ කිසිම විදියකින් දරුවෙක්ට වැරදි දෙයක් කලෙත් නෑ, වැරදි එක වචනයක් මගේ කටින් පිට වුනේ නෑ 100% sure මට

මම කිසිම තැනක කිසිම කෙනෙක්ගේ නම මෙතන සදහන කරලා නැති නිසයි,පොදුවේ කරපු දෙයක් නිසයි මම කාටත් උත්තර බදින්න ගියේ නැත්තේ, නැතුව ඒ අයත් එක්ක මට තරහා නෑ

ගොඩක් අය Comments කරලා තියන නිසා මට මේ දේ කියන්න හිතුනා”

#ChannelE

Previous article“සියලු දෙනා සුවපත් වේවා.. මගේ මව්බිම රැකදේවා..” පුංචි පවුල අනුරපුරයේ ගිහින් ප්‍රාර්ථනා කළේ එකම එක දෙයක්..
Next article“අම්මා දැන් සුව අතට හැරෙමින් සිටිනවා” – හෙළ ගී රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දියණිය කියන කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights