“වතුර එනකොට අපි දුවලා ගියේ වැසිකිළිය උඩට… මගේ නහයටම වතුර ආවා.. මහත්තයා අත ඇරියේ නෑ..” හාස්කමකින් වගේ දිවි බේරුණ ඔවුන් කියන කතාව

“වතුර එනකොට අපි දුවලා ගියේ වැසිකිළිය උඩට… මගේ නහයටම වතුර ආවා.. මහත්තයා අත ඇරියේ නෑ..” හාස්කමකින් වගේ දිවි බේරුණ ඔවුන් කියන කතාව

දිට්වා සුළි කුණාටුවෙන් රටම හඬද්දී, මරණය පෙනි පෙනී ජීවිතය ඉල්ලූ එක් පවුලක් ගැන බදුල්ල වියලුව ප්‍රදේශයෙන් ඉතාමත් සංවේදී පුවතක් වාර්තා වෙනවා. දේපළ පමණක් නොව සිය ගණනකගේ ජීවිත බිලිගත් මේ මාරක නායයෑමෙන් බේරුණු මේ පවුල පවසන්නේ, තමන් අද ජීවත් වන්නේ සැබෑ හාස්කමකින් බවයි.

වතුර එනකොට අපි දුවලා ගියේ වැසිකිළිය උඩට…”

පසුගිය 27 වැනිදා පස්වරුවේ පොල්ගහඅරාව ගම්මානයට ඉහළින් පිහිටි කොහාන කඳුවැටිය කඩා වැටුණේ මුළු ගමම බීතියෙන් සලිත කරමින්. අඩි ගණනාවක් උසට ගලා ආ මඩ වතුර සහ දැවැන්ත ගල් පර්වත මැද, මේ පවුල මුලින්ම දිව ගියේ නිවස අසල තිබූ විශාල ගලක් මතටයි. නමුත් එයින් පලක් වී නැහැ. වතුර වේගය දරාගත නොහැකිව ගල ඇලවෙද්දී ඔවුන් ජීවිතය බේරා ගැනීමට තැනින් තැනට මාරු වී තිබෙනවා.

“අපි මුලින් හිතුවා වැසිකිළිය තිබුණු තැන ආරක්ෂිතයි කියලා. හැබැයි තත්පර ගණනකින් ඒකත් යට වුණා,” යනුවෙන් පියා පවසන්නේ තවමත් දෙනෙතේ කඳුළු පුරවාගෙනයි.

පැය එකහමාරක් තිස්සේ සීතලේ වෙව්ලමින්, දරුවන් දෙදෙනාද තුරුළු කරගෙන මරණයේ හෝරාව එනතුරු බලා සිටි මොහොතේ ගම්වාසීන් පිරිසක් පැමිණ තිබෙනවා. නමුත් ගලා යන මඩ වතුර මැද ඔවුන්ට එකිනෙකා වෙත ළඟා වීමට නොහැකි වී ඇති අතර, ඒ මොහොතේ ඔවුන් කළ දේ ඇදහිය නොහැකියි.

නාය යෑමෙන් පස් යට නොවී ඉතිරි වූ එකම එක “රෙදි වැල” සහ ගෙවත්තේ ඉතිරි වූ එකම “නංචි ගස” ඔවුන්ගේ පිහිටට පැමිණ තිබෙනවා. රෙදි වැලක් ලෙස තිබූ කඹය ගසක ගැට ගසා, කරවටක් මඩේ ගිලෙමින් පියා විසින් තම දරුවන් දෙදෙනා මුලින්ම ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් තිබෙන්නේ වීරයෙකු ලෙසයි.

“මගේ නහයටම වතුර ආවා.. මහත්තයා අත ඇරියේ නෑ..”

පියා සහ මව ගොඩට ඒමට උත්සාහ කරද්දී ජල පහර තවත් සැර වී මව ගසාගෙන යාමට පටන්ගෙන තිබෙනවා. “මගේ කටට, නහයට ඔක්කොටම මඩ පිරුණා. තව චුට්ටෙන් මම ඉවරයි. ඒත් මහත්තයා මාව අත ඇරියේ නෑ,” යැයි බිරිඳ පවසන්නේ හැඬූ කඳුළින්.

ජීවිතය බේරුණද අද ඔවුන් සතු සියල්ල අහිමි වී අවසානයි. “අපිට දැන් ඉන්න තැනක් නෑ, දරුවො තුන වසරේ ඉන්නේ.. ඉස්කෝලේ යන්න පොතක් පතක් නෑ,” යනුවෙන් ඔවුන් කරන මේ ආයාචනය ඔබේ අවධානයටයි.

Local Gossip