ඉතිහාසය වෙනස් කරමින් සරසවි නඩත්තු අංශයේ වැඩ සහයක උපාධිය සම්පූර්ණ කරයි.

ඉතිහාසය වෙනස් කරමින් සරසවි නඩත්තු අංශයේ වැඩ සහයක උපාධිය සම්පූර්ණ කරයි.

සැමට ආදර්ශයක් වුණු කතාවක්.

රුහුණු සරසවියේ උපාධි අපේක්ෂකයෙකු වුණු ඔහු පසුගිය දවසක සාර්ථකව සිය උපාධි සිහිහය සැබෑවක් කරගත්තා.

මෙහෙම අහද්දී ඒ කතාව හරිම සාමාන්‍ය දෙයක් විදිහට ඔබට තේරුණත් ඔහුගේ ඒ කතාව ඇතුළේ නොපසුබට උත්සාහය කැපී පෙනෙනවා. මොකක්ද මේ කියන්න යන කතාව.

රුහුණ විශ්වවිද්‍යාලයේ 32 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී එම විශ්වවිද්‍යාලයේම නඩත්තු අංශයේ සේවය කරන වැඩ සහායකයකු විසින් විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථමවරට උපාධියක් හිමි කරගන්නට සමත් වුණා. ඔහු නමින් ඩී. ඩී. ප්‍රියන්ත, මේ කියන්න යන්නේ ඔහුගේ නොපසුබට උත්සාහය ගැන ඇසෙන කතාවක්.

මෙසේ උපාධි හිමිකර ගෙන ගත්තේ රුහුණ විශ්වවිද්‍යාලයට යාබද දෙවුන්දර ගන්දරාවත්තේ තිදරු පියෙකු වන ඩී. ඩී. ප්‍රියන්ත රණසිංහයි..

රුහුණ විශ්වවිද්‍යාලය පේන දුරින් ජීවත් වූ ඒ මහතා 2001 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයේදී කලා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් සමග විභාගය සමත් වුවද විශ්වවිද්‍යාලයකට ඇතුළත් විය නොහැකි වුණා.

විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට සුදුසුකම් නොලැබූ ඔහු උපාධි සිහිනය සැබෑ කරගැනීමට 2002 දී රුහුණ විශ්වවිද්‍යාලයේ බාහිර ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි වී අධ්‍යාපන කටයුතු කරගෙන ගියද එය අතරමඟ නතර කර දැමීමට සිදුවූයේ පෞද්ගලික හේතුවක් නිසායි. ඒ අතර ඔහුගේ බාහිර උපාධි ලියාපදිංචියද අවසන්ව වුණා.

ඒ අතර ඔහුට රුහුණ විශ්වවිද්‍යාලයේ නඩත්තු අංශයේ වැඩ සහායක රැකියාවක් ලැබුණා. විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණි ප්‍රියන්තගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ඇසූ බොහෝ දෙනා ඔහුට උපාධිය සම්පූර්ණ කර ගන්නා ලෙස දිරිමත් කරන්නට වුණා.

ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ සේවය කරන බොහෝ දෙනකුගේ සහයෝගය මත ප්‍රියන්ත මහතාට ඔහුගේ බාහිර උපාධි ලියාපදිංචිය අලුත් කරගෙන ඔහුගේ උපාධිය අවසන් කර ගැනීමට හැකිවුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී ඒ මහතාටද උපාධියක් හිමිකර ගැනීමට හැකිවීම බොහෝ දෙනකුගේ සතුටට හේතු වී තිබෙනවා.

Local Gossip