Home දේශිය පුවත් අවුරුද්දත් කිට්ටු නිසා මෙන්න වෙනස්ම විදිහට රසම රසට වැලිතලප හදාගන්න ලේසි ක්‍රමයක්…

අවුරුද්දත් කිට්ටු නිසා මෙන්න වෙනස්ම විදිහට රසම රසට වැලිතලප හදාගන්න ලේසි ක්‍රමයක්…

0
237

වැලිතලප කියන්නේ අපි හරිම අසාවෙන් කන්න කැමති කෑමක්.

ඔන්න දැන් 2025 අලුත් අවුරුද්ද කිට්ටුත් වෙන නිසා අපි හිතුවා… අවුරුදු කැවිලි හදන හැටි කියලා දෙන්න… චුට්ටක් අතට හුරු කරගත්තම ඔයාටත් අලුත් අවුරුදු කෑම මේසේ සරසන්න… ඔයාගෙම අතින් රසට සුවඳට ලස්සනට වැලිතලප හදන්න පුළුවන් වේවී… ඉතිං …මේ විදිහට වැලිතලප හැදුවොත් ඉක්මනින් නරක් වෙන්නේ නැතුව ටික දවසක් තියාගෙන කන්න පුළුවන් වැලිතලප ටිකක් හදා ගන්න පුළුවන්.

අපි බලමු මොනවද ඕනී වෙන්නේ කියලා….

අවශ්‍ය ද්‍රව්‍ය

කැකුළු හාල් පිටි – 500g

සීනි – 450g

පොල් කුඩු – 180g

උකු පොල් කිරි – කෝප්ප 01

කොටා ගත්ත කරදමුංගු ටිකක්

ලුණු – තේ හැඳි 02

සාදන ක්‍රමය

පොල් කුඩු ටිකයි පිටි ටිකයි එකට දාලා පොඩි කැටි වගේ වෙනකන් කලවම් කර ගන්න.

මේ මිශ්‍රණය වේලිලා වගේ තියනවානම් වතුර ටික ටික ඉහ ඉහ කැටි හදා ගන්න.

පොඩියට කැටි හදාගත්තට පස්සේ මේ ටික ස්ටීමර් එකකට දාගන්න.

පිටි ටික ස්ටීමර් එකට දාද්දි තද වෙන්න දාන්න එපා. එතකොට මැද ටික තම්බෙනවා අඩු වෙනවා.

මේ පිටි ටික විනාඩි 35ක් 45ක් විතර ලිපේ තියලා හොඳට තම්බා ගන්න.

තම්බා ගෙන ඉවර උනාට පස්සේ අයෙත් මේ පිටි ටික හොඳට පොඩි කර ගන්න.

ඊළගට පැණි ටික හදා ගන්න ඕනේ. ඒකට ඉස්සෙල්ලාම සීනි ටිකක් තාච්චියකට දාලා හොඳට තද පාට වෙනකන් උණු කර ගන්න.

සීනි ටික හොඳට තද පාට වෙලා බුබුළු දානකොට ඒකට උණු වතුර ටිකක් දාගන්න.

දැන් ඉතුරු සීනි ටිකයි තව උණු වතුර ටිකකුයි දාගන්න.

සීනි ටික හොඳට දිය උනාට පස්සේ ලුණු ටිකයි පොල් කිරි ටිකයි දාන්න.

පොල් කිරි ටික හොඳට රත් වෙනකන් දිගටම හැඳි ගාන්න. මේ අතරතුරේදී කොටාගත්ත කරදමුංගු ටිකත් දාගන්න.

පැණි ටික හොඳට බුබුළු දාන්න පටන් ගත්තාට පස්සේ තම්බාගත්ත පිටි ටික දාන්න.

දැන් මේ පැණි ටික පිට්ටු ටිකත් එක්ක මිශ්‍ර වෙනකන් හොඳට කලවම් කරන්න.

වැලි තලප මිශ්‍රනේ වතුර ගතිය අඩු වෙලා ටිකක් ගුලි වෙන මට්ටමට ආවහම මේක ලිපෙන් බාගන්න.

දැන් අපි මේ ටික තැටියකට දාලා හොඳට පැතලි කර ගන්න ඕනේ.

පැතලි කර ගත්තට පස්සේ මේ වැලි තලප ටික ටිකක් වෙලා නිමෙන්න තියලා කෑලි වලට කපා ගන්න.

ඉතිං මේ විදියට හදලා රහ බලන්නකෝ…

අවුරුදු මේසෙටත් අනිවාර්‍යෙන්ම එකතු කරගන්න පුලුවන් රසවත් කැවිලි වර්ගයක් එක්ක ආපහු ලිපියකින් හමුවෙමු…

Previous articleපොලු තියන සමහර අය අතරේ මනුස්සකම පිරුනු හදවත් තියෙන මචානෝ බෑන්ඩ් එක සංවිධායකයින් අපහසු නොකර මුදල් කොටස් ගන්නෙත් නැතුව ගහපු පට්ට ෂෝ එක ගැන විස්තරේ මෙන්න…
Next articleඅද පොලු තියෙන ගායකයෝ අතරේ එදා පදවිය පැත්තේ ගමක ෂෝ එකකට ගිහින් ගුණදාස කපුගේ මහත්තයා කරලා ආවේ මෙහෙමයි..!
error: Content is protected !!
Verified by MonsterInsights