Home දේශිය පුවත් ”ඇඟ පේන චරිත, ඇඟ පේන ඇඳුම් ඇඳලා රඟපෑවේ නැහැ. අනවශ්‍ය විදියට රාගය...

”ඇඟ පේන චරිත, ඇඟ පේන ඇඳුම් ඇඳලා රඟපෑවේ නැහැ. අනවශ්‍ය විදියට රාගය දනවන දර්ශනවල මම පෙනී සිටින්නෙ නෑ…” – ප්‍රවීණ රංගනවේදී සුනීතා විමලවීර

0
133

 

නිතර නිතර නිර්මාණවලින් දකින්න ලැබුණේ නැතත්, ප්‍රේක්ෂකයින්ට අමතක නොවන චරිත තිළිණ කළ ප්‍රවීණ රංගන ශිල්පිනියකි, සුනීතා විමලවීර.

ඇය නිතර නිර්මාණවලින් දක්නට නොලැබෙන්න හේතුවක් තියනවා.

ඒ, ඇය තමන්ට ම ආවේණික රාමුවකට අනුගතව චරිත තෝරාගැනීම.

සුනීතා විමලවීර එයාකාරයෙන් රාමුගත වුණා කියන කාරණය, ඇගේ දක්ෂතාවට නම් කොහෙත්ම බලපාන කාරණයක් නොවෙයි.

මොකද, සහෘද හදවතට ම කතා කිරීමේ අපූරු හැකියාව ඇගේ රංගනයන් තුළින් දැකිය හැකියි.

පහුගිය දවසක ඇය, තමන් චරිතයක් තෝරාගැනීමේදී සලකා බලන නිර්ණායකයන් ගැන මෙයාකාරයෙන් අදහස් දක්වලා තිබුණා.

”මගේ එක ප්‍රතිපත්තියක් තිබුණා…
මම ඇත්තටම රඟපෑවා වගේම ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නෙ මට රඟපාන්න කතා කරපු ඒවට මම බැහැ කිව්වා. චිත්‍රපට එහෙම ගණනාවකට…

හේතුවක් තියෙනවා,

ඒ කියන්නෙ මම කවදාකවත් මගෙ දණිස් දෙකෙන් උඩට ඇඳුමක් ඇඳලා, කොට ගවුම් ඇඳලා,,,,
මගේ ප්‍රතිපත්තියක් අනුව මගේ ඇඟ පේන චරිත, ඇඟ පේන ඇඳුම් ඇඳලා රඟපෑවේ නැහැ.

ඒක මම කාටවත් රිදවන්න නෙවෙයි කියන්නෙ…. ඒ මං කරපු දේ.

එකක් ඒක..

ඇඳුම් ගැන කතා කරනකොට, ‘අනේ ඒකට මට එන්න බෑ’ කියලා මම කියලා තියෙනවා.

ඊළඟ එක මම සිප වැළඳ ගැනීම්, අනවශ්‍ය විදියට රාගය දනවන දර්ශනවල මම පෙනී සිටින්නෙ නෑ. ඒක මම කවදාකවත්ම කරලා නෑ. ඉදිරියට කොහොමවත්ම කරන්නෙ නෑ.

ලැජ්ජාව බය කියන දෙක තියාගෙන ජීවත් වෙන්න මම හරි කැමතියි. මොකද ඒක තමයි අපේ දේව ධර්මය.

ඉතින් ඒක නිසා ඒ ටික තියාගෙන තමයි මම මගේ රඟපෑම කළේ.

ඇඟ පෙන්වන්න ඕනි නම් වෙන කෙනෙක්ගෙ පෙන්වන්නත් පුළුවන්.

නමුත් ඉතින් මම ඒ වගේ කිසිම එකකට සම්බන්ධ වෙලා නෑ. ඉස්සරහට සම්බන්ධ වෙන්නෙත් නෑ.

ඒක තමයි මගේ රාමුව. මගේ ෆ්‍රේම් එක තියාගෙන තමයි මම රඟපෑවේ.

මම ඇත්තටම ආඩම්බර වෙනවා.

දරුවො දෙන්නා එක්ක වුණත් පාරෙ බස් එකේ යන්න පුළුවන්… මම පොළට යනවා, කඩේට යනවා, පන්සලට යනවා… මට මගෙ හදවතට එකඟව ඒ දේවල් කරන්න පුළුවන් තාමත්.

මම අරවයින් අයින් වුණා කියලා, මට ලැබුණු දෙයක් නෑ.. මට ලැබුණෙ හොඳක් විතරයි කියලා මම අදටත් හිතනවා.

මට රඟපාන්න පුළුවන් ඒ දේවල් නැතුව…
ඕනි තරම් මිනිස්සු අඬවන්න හිනාවෙන්න මට රඟපාන්න පුළුවන් කියලා මගේ හිතේ විශ්වාසයක් තියෙනවා….”

උපුටාගැනීම : I Tv කතාබහක් ඇසුරින්
#ChannelE

Previous articleදෝණියේ නුඹ ඉක්මන් උනා වැඩියි වගේ මගෙ දුවේ…. රටේම වෛරල් වූ සිරිමාවෝ දියණියට වෛද්‍ය පාලිත දුන් උපදෙස මෙන්න
Next articlewife නැතිවෙලාවට අලුත් Girlfriend එක කෝලම් කරපු සාරංගට මොනවා වෙයිද..?
error: Content is protected !!
Verified by MonsterInsights