තමන්ගේ සෙවනැල්ල වගේ හිටපු ඒ ආදරණීය අම්මාගේ නික්මයාම ගැන ඇයට හිතාදර පිරිසක් විසින් අද මෙන්න මේ විදිහට මුහුණුපොතට එක්කරලා තිබුණා.
ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය ලංකාවේ කවුරුත් ආදරය කරන ඒ නිහතමනී කලාකාරිණියගේ මව අභාවප්‍රාප්තවී තිබෙනවා.
එතුමියගේ දේහය මේ වන විට 1330/2 10වන පටුමග, බෝගහවත්‍ත, පන්නිපිටිය නිවසේ අවසන් ගෞරව සඳහා තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 2025/12/ 24 සවස 6.00 පන්නිපිටිය පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත බවයි දැනගන්න ලැබෙන්නේ..
“මම ඉපදෙනකොට අම්මට වයස අවුරුදු 19 යි. අද එයාට වයස අවුරුදු 84යි. ඉපදුනු දා ඉදන් අද වෙනකම්ම මම ඉන්නෙ අම්ම එක්ක. මම හැමදාම කිව්ව මම තමයි අපේ පවුලෙ වාසනාවන්තම. අම්ම එක්ක හැමදාම ඉන්න ලැබුන නිසා. දුක් – කරදර ජය – පරාජ හැම තැනකම අම්ම මගෙ අත අල්ල ගෙන මා එක්ක හිටිය නිසා මට බයක් තනියක් දැනුනෙ නෑ. දැන් මම බයෙන්. ඒ අත කොයි මොහොතෙ අත හැරෙයිද කියල දන්නෙ නෑ. මාස ගනනකින් ජීවිතේ බොහෝ දේ වෙනස් වෙලා. අද අම්මගෙ උපන් දිනය. අද මගේ එකම පැතුම මගෙ අම්ම දුකෙන් මිදේවා. අම්මට සුබ පැතූ ආශිර්වාද කළ සැමට යහපතක්ම වේවා.”












