ඇය මෙහෙම තීරණයක් ගත්තේ ඇයි දැයි බොහෝ දෙනාට තවමත් ප්‍රශ්නාර්ථයක්.
තවමත් හිරිමල් වියේ පසුවෙන තත්සරණි ඇයගේ ජිවීතය ගැන අවසන් තීරණය ගන්නේ කිසිවෙකුත් නොසිතන නිමේෂයකයි.
ඇයගේ මරණය ගැන අද හැමෝම කතා වුණත් ඒ මරණය පසුපස සැඟවුණු කතා තවත් බොහෝමයක් වෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ කතාවේ තවත් නොදත් පැත්තක් ගැනයි.
ඇය ජීවිතය ගැන මේ වගේ තීරණයක් ගත්තේ පෙම්වතා සමග ඇතිවුණු ගැටුමක් නිසා කියා බොහෝ දෙනෙක් විශ්වාස කළත්, ඒ සිද්ධිය පසුපස සැඟවුණු වෙනම කතාවක් තිබුණා.
සමහරවිට මේ සිදුවීම නිසාම ඇය ගෙදරදීත් දිවි ගෙවන්න ඇත්තේ හුදෙකලාවයි. ගිංඔයට පැන අතුරුදන් වී සිටි තරුණියගේ සිරුර 29 වැනිදා දහවල් පාලම ආසන්නයේ පාවෙමින් තිබියදී සොයා ගත්තේ ප්‍රදේශවාසීන් විසින්. ඇයගේ මව මේ වන විට ජීවත් වන්නේ දෙවැනි පුරුෂයා සමඟ බවත්, ඇයගේ පවුලේ අභ්‍යන්තර ගැටලු විශාල වශයෙන් තිබී ඇති බවත් පොලීසිය පවසනවා.
ජා ඇළ, බෝපිටිය පදිංචි උමයංගනා සත්සරණි නමැති 17 හැවිරිදි තරුණිය මෙලෙස ඉකුත් 28 වැනිදා සවස 5.30ට පමණ නයිනමඩම, ගිංඔය පාලම ආසන්නයට පැමිණ ඇති තරුණිය තම පෙම්වතාට දුරකතන ඇමතුමක් දී ඔහු ගෙන්වාගෙන ඇය මුහුණ දී ඇති ගැටලු පවසා සුළු වේලාවකින් තරුණිය ගිංඔයට පැන තිබෙනවා.
ඒ සමඟම ඇය බේරා ගැනීමට තරුණයාද ගිංඔයට පැන ඇති බව පොලීසිය පවසයි.
ගිංඔයේ දියේ ගිලී සිටි දෙදෙනාට බේරීමට අසල හෝටලයක සේවකයන් දෙදෙනකු ගඟට කඹයක් දමා ඇති අතර තරුණයා කඹයේ එල්ලී ගොඩට පැමිණ ඇති අතර තරුණිය දියේ ගිලී අතුරුදන් වී තිබුණා.
දිවි බේරාගත් වෙන්නප්පුව, නයිනමඩම පදිංචි 18 හැවිරිදි රුමේෂ් ලක්ෂාන් නමැති තරුණයා 1990 ගිලන් රථයකින් මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.












