Home දේශිය පුවත් බූට් එකේ රිදුම දුරකථනයෙන් පිරිමසා ගත් හැටි. මතුගම ගුරුවරියට මහමගදී සිදුවූ අකරතැබ්බය....

බූට් එකේ රිදුම දුරකථනයෙන් පිරිමසා ගත් හැටි. මතුගම ගුරුවරියට මහමගදී සිදුවූ අකරතැබ්බය. ආදරය වෛරයකින් අවසන් වෙයි.

0
321

ආදරය කියන්නේ පරිත්‍යාගයක් වුණත්, ඇතැම් වෙලාවට එය වෛරයක් බවට පත්වන්නේ හිතාගත නොහැකි වේගයකින්. මතුගම නගරයෙන් වාර්තා වන මේ පුවතත් එවැනිම එකක්.

තමා සමඟ තිබූ ප්‍රේම සම්බන්ධය නතර කිරීමේ කේන්තිය පිරිමසා ගන්නට ගිය තරුණයෙක් අවසානයේ පොලිස් පොතේ විත්තිකරුවකු වූ පුවතක් දැන් සමාජ මාධ්‍යවල කතාබහට ලක්වෙනවා.

කළුතර, නාගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි රූමත් ගුරුවරියක් පසුගිය 03 වැනිදා කන්දේ විහාරයට යාමේ අරමුණින් මතුගම නගරයට පැමිණ තිබෙනවා. ඇය බස් රථයෙන් බැස ඉන්ධන පිරවුම්හල අසල රැඳී සිටියදී ඇයගේ පැරණි පෙම්වතා යතුරුපැදියකින් එතැනට කඩා වැදී ඇත.

පොලිසියට ලැබී ඇති තොරතුරුවලට අනුව, එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් තිබෙනවා. සම්බන්ධය නතර කිරීම ගැන උරණ වී සිටි මෙම තරුණයා, ගුරුවරියට බැන වැදී ඇය සතුව තිබූ රුපියල් 64,000ක් වටිනා ජංගම දුරකථනය බලහත්කාරයෙන් උදුරාගෙන පලා ගොස් තිබෙනවා.

මෙම පොරබැදීමේදී තරුණියගේ සිරුරේ සීරීම් තුවාල සිදුවී ඇති අතර ඇය මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ. සැකකාර තරුණයා පලා ගියද, ඔහු පැමිණි යතුරුපැදිය පොලිස් භාරයට ගැනීමට මතුගම පොලිසිය සමත්ව තිබෙනවා.

පොලිසිය පවසන්නේ ප්‍රේම සම්බන්ධය නතර කිරීම මෙම ආරවුලට මුල බවයි. දැනට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වනවා කියලා තමයි දැන ගන්න ලැබුණේ…

Previous articleරෑට බිම නිදාගන්නවා නම් මේක බලන්නම ඕනේ…. ඔබේ ජීවිතය බේරගන්න තියෙන එකම ක්‍රමය මෙන්න. නිහඬව පැමිණ පණ ගෙනියන කෙනෙක් තමයි මෙයා…
Next articleකරවිල රෑට කන්න හොඳ නෑ කියන්නේ මේ නිසයි…
error: Content is protected !!
Verified by MonsterInsights