“මං ළඟ ගඳයි කියලා හැමදාම කාමරේ දොර වහනවා. එක දවසක් මම ඇස් දෙකට දැක්කා මං එච්චරම ගඳ ගහන හේතුව.. ඊටපස්සෙ මගේ ඇතුළේ හිටපු මාරයා …” – මිතුරන් සමඟ එක්ව බිරිඳව නොඑන ගමන් යැවූ සැමියා, සියල්ල හෙළි කරයි..

0
55503

කූරූ අස්සේ අත් මිට ගුලිකරගත්ත කොල්ලෙක් අඬනවා.ඒ කියන්නෙ කොල්ලගේ ඇස් දෙකෙන් කඳුළු එනවා කියන එක නෙවෙයි. උගේ හදවත ඇතුළින් ඌ අඬනවා.

මේ තමයි ඒ කතාව..කොල්ලට අඬන්න තරම් හේතුවක් වුණු කතාව…

“මගේ ගෑනි මං පණ වගේ ආදරේ කළා සර්. මම ආස වුණා ඒකි වගේ දුවෙක්ට. ඒත් ඒකි කැමති වුණේ නෑ දරුවෙක් හදන්න. හැමදාම මඟ අරිනවා. අඩුම මා එක්ක ඉන්නවත් කැමති නෑ. ඇහුවම මගේ ළඟ ගඳයි කියලා මාව මඟ අරිනවා. ගොඩක් දවස්වලට මම බුදියන්නෙ සැටි එකේ. මොන තරම් දුකක් වුණත්… මං ඒක දරාගත්තා. ඒකිට ආදරේ හින්දා. මම සමහර දවස්වලට හොඳට නාලා සුවඳ සෙන්ට් ගහන් ආවත් ඒකි මාව ළඟට ගත්තෙ නෑ…”

“මට හොඳටම තරහයි දුකයි සර්.. ඒත් මම තවත් ඉවසුවා. පස්සෙ දවසක ඒකිගේ හැටි දැනගන්නකන්… ගොඩක් කාලෙකට පස්සෙ මම ඒක දැක්කා. ඒකි මාව ගඳයි කියන හේතුව. ඒ මිලාන්. අපේ අල්ලපු ගමේ එකෙක්. ඌ එක්ක තමයි මගේ ගෑනි බුදියන්නෙ. මට වඩා සුවඳ ගහන එකෙක් වෙන්නැතිනේ. මම ගෑනිගෙන් ඇහුවේ නෑ. හැබැයි මට මාට්ටු වුණා දෙතුන් පාරක්ම. එක පාරක් ගෙදරට එද්දි මුන් දෙන්නා ළංවෙලා කතාව..”

“පස්සෙ මට ආරංචි වුණා මම වැඩට ගියාමත් මේකි අරූගේ ගෙදර රිංගන විත්තිය. එදා මගේ ඉවසීම නැතිවුණා. මම මගේ හොඳම යාලුවෝ දෙන්නට බොන්න දීලා ගෙන්න ගත්තා. උන් එක්ක ප්ලෑන් එක ගැහුවේ අරූව බාවන්න. ගෑනිව ප්ලෑන් එකේ හැටියට මරන් නෑ. මොකද ඒ බැ** විඳවන්න ඕනි. ඒ නිසා තමා ඒකිට ඇසිඩ් ගැහුවේ. අරූ කෑලි වෙන්න කපලා… අපේ කොල්ලෙක්ගෙම වීල් එකේම උගේ බොඩි එක කැලෑකේට දැම්මා…”

“ඇත්තටම අපි හිතුවෙත් නෑ අහුවෙයි කියලා. මිනිය සත්තු කාලා කාටවත් හොයාගන්න බැරිවෙයි කියලා හිතුවේ. හැබැයි හිතපු නැති විදිහට කවුදෝ එකියක් අහම්බෙන් දැකලා පොලිසියට කියලා තිබුණා. අපිව අච්චු කළේ ඊටපස්සෙ…”

Previous articleඅනුරපුර වන්දනාව මුන්දලමින් නතර වෙයි.. එකම පවුලේ තිදෙනෙකුට දිවි අහිමි වූ, මාරක අනතුර ගැන ඇසෙන හද සසල කරවන පුවත..
Next article“අපි නාන කාමරයේ ඉන්න අතරේ තමයි එයා වෙන යතුරකින් කාමරය ඇරගෙන ආවේ.. සේවාවක් නැහැ කියද්දිත් නාන කාමරයට එබුණා” – සුඛෝපභෝගී හෝටලයකට වැඩ වරදියි..