ලොවක් ඉදිරියේ අපේකම බැබලවූ ඇය නැවතත් උපන්බිමට..

0
104

ඇය ගැන මේ දවස්වල බොහෝ දෙනා කතා කරනවා.

ඒ ඇයගේ සුන්දරත්වය නිසාම විතරක් නෙවෙයි, ඇය දිනාගත්ත ජයග්‍රහණයත් ඒකට එක හේතුවක්..

ශ්‍රී ලංකා නාමය බබළවමින්, අමෙරිකා එක්සත් ජනපදයේ පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින (Mrs. World) තරගාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කරගත් සබීනා යූසෆ් මහත්මිය අද (04) අලුයම දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දෙමින් අමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී තෙවන ස්ථානය (2nd Runner-up) දිනා ගැනීමට සබීනා යූසෆ් සමත් වුණා.

මීට අමතරව ඇය එම තරගාවලියේදී “Mrs. Photo Genie” යන විශේෂිත කිරුළෙන් ද පිදුම් ලැබීම එහිදී සුවිශේෂී වුණා.

ලෝකයේ රටවල් 60 ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවති මෙම තරගාවලිය, ඉකුත් ජනවාරි 22 වනදා සිට 29 වනදා දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවරදී පැවැත්වුණා.

එහිදී විවිධ අංශ යටතේ දක්ෂතා දැක්වූ සබීනා, අවසන් වටයේදී ප්‍රබල තරගකාරීත්වයක් ලබා දෙමින් ලෝකයේ තෙවැනි සුන්දරතම විවාහක කාන්තාව ලෙස අභිෂේක ලැබුවා.

ඉතින් ඇය ලංකාවට පැමිණි මොහොතේ කැමරා කාචයේ ඒ සුන්දර දසුන් සටහන් වුණේ මෙන්න මේ විදිහටයි.

 

 

Previous article“සයුරු රළ පරදා – සෙනෙහසින් පිහිනා – අම්මා නමින් ලොවට ආ – සුපිරි වීරයා නුඹයි පුතේ…” – අද මුළු ලොවම කතා වන ඒ අසිරිමත් වීර කතාව..
Next articleසාරිය අස්සේ ගිනි අවියත් සඟවාගෙන රතු පලස මතින් ගිය පැය තුනේ ජනාධිපතිනිය.. – හමුදාපතිවරුන් පවා වික්ෂිප්ත කළ තනූජාගේ ඒ අපූර්ව කතාව..