Home දේශිය පුවත් රටවල් 3ක භික්ෂූන් වහන්සේලා මහා සෑ රදුන් අභියසින් පා ගමනින් වඩියි. මග...

රටවල් 3ක භික්ෂූන් වහන්සේලා මහා සෑ රදුන් අභියසින් පා ගමනින් වඩියි. මග දෙපස පාවඩ එලමින් සැදැහැවතුන් කළ පූජාව මෙන්න.

0
366

.අනුරාධපුර පුණ්‍ය භූමියේ රුවන්වැලි මහා සෑ රදුන් අභියසින් පසුගිය 03 වැනිදා ආරම්භ වූ අති උතුම් “ධර්ම යාත්‍රා” පාද චාරිකාව දැන් මහනුවර දෙසට ගමන් කරමින් පවතිනවා.

මෙම පාද චාරිකාවේ විශේෂත්වය වන්නේ මෙරට භික්ෂූන් වහන්සේලාට අමතරව තායිලන්තය, ලාඕසය සහ මියන්මාරය යන රටවල් නියෝජනය කරමින් විදේශීය භික්ෂූන් වහන්සේලා ද මීට වැඩම කිරීමයි.

ඊයේ (05) සවස වන විට මෙම ධර්ම යාත්‍රාව අනුරාධපුර – පාදෙනිය මාර්ගයේ දළදාගම මංසන්ධිය පසු කරමින් ඉදිරියට ගමන් කළා. පෙර දින ගල්ගමුව ප්‍රදේශයේ නවාතැන් ගත් උන්වහන්සේලාට, බලල්ල දිඹුල්ගිරි රජමහා විහාරස්ථානයේදී අවශ්‍ය නවාතැන් පහසුකම් ඉතා උසස් අයුරින් සලසා තිබුණා.

උන්වහන්සේලා වඩින මග දෙපසට රැස්ව සිටි දහස් සංඛ්‍යාත බැතිමතුන් සාධුකාර දෙමින්, පාවඩ එලමින් භික්ෂූන් වහන්සේලාට පිරිකර සහ පැන් පූජා කරන අයුරු දැකගත හැකි වුණා. විදේශීය භික්ෂූන් වහන්සේලා මෙලෙස පාද චාරිකාවක නිරත වීම මෙරට බෞද්ධ ජනතාවගේ දැඩි ගෞරවයට හා ප්‍රසාදයට ලක්ව තිබෙනවා.

මෙම ධර්ම යාත්‍රාව ඉදිරි දින කිහිපය තුළදී පහත නගර පසු කරමින් ශ්‍රී පාදස්ථානය දක්වා වැඩම කිරීමට නියමිතයි.
වාරියපොළ සහ කුරුණෑගල
මාවතගම, ගලගෙදර සහ කටුගස්තොට
මහනුවර (දළදා මාලිගාව වන්දනා කිරීමෙන් පසු)
නාවලපිටිය හරහා ශ්‍රී පාදස්ථානයට

අවසානයේ මෙම ධර්ම යාත්‍රාව ඓතිහාසික කැලණිය රාජමහා විහාරය දක්වා වැඩම කර අවසන් වීමට නියමිතයි.

Previous articleමහපට ඇඟිල්ලේ ඉදිමීම නිසා ඇතිවන වේදනාව පැය 24න් සුව කරගන්න ක්‍රම 8 ක්
Next article“මම වීරයෙක් කියලා හිතන්නේ නැහැ. මම කළේ ඒ වෙලාවේ කළ යුතු දේ විතරයි” ලෝකයම මවිත කළ දරුවාගේ සටන මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights