නින්ද අවශ්‍ය ප්‍රමාණයට ලබා ගත්විට එය දිව ඔසුවක් බව ඔබ දන්නවාද ?
මේ කියන්න හදන්නේ නින්දේ තිබෙන වටිනාකම ගැනයි.
ඔබ දන්නවා ද අපි දවසේ පැය 15ක්,16ක්,17ක් නොනිදා සිටීමට නම් ඉතිරි පැය ගණනට අවම වශයෙන් පැය 6-7-8 වත් නාදා ගැනීම අත්‍යවශ්‍යයි කියලා.
අපගේ සිරුර වෙහෙසීමට ලක් වූ සියල්ල නැවත ප්‍ර‍්‍රකෘති තත්ත්වයට පත් කරන්න සුව නින්දකට පුලුවන්…
හරියාකාරව නින්දක් නොලද හොත් පසුදින අපට අවදි වීමටවත් නොහැකි තත්ත්වයට සිරුර කෙඩෙත්තු වී පවතිනවා.
සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට යම්කිසි පුද්ගලයකු දිනකට පැය 6-7වත් අඩු තරමේ නිදාගත යුතුමයි… ඔබට නිසි ආකාරයේ නින්දක් ගන්න නොහැකි වුවහොත් අනිවාර්‍යෙන්ම ඔබ රෝගියෙකු වන දවස වැඩි ඈතක නෙවෙයි.
ඒ නිසා නින්ද මොනතරම් වටිනවා ද කියලා ඔබට තේරෙනවා නේද ?
ඔබත් රෑට නිදාගන්න ගියාම කොච්චර සීතල වුණත් එක කකුලක් විතරක් පොරවනයෙන් එලියට දාගෙන ඉන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්ද? ගෙදර අය මේකට හිනා වෙනවා ඇති, හැබැයි මේක පිටුපස තියෙන්නේ පුදුම හිතෙන විද්‍යාත්මක කතාවක්..
ඇයි අපි මෙහෙම කරන්නේ..?
අපේ ශරීරය නින්දට සූදානම් වෙද්දී ස්වභාවිකවම ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය (Core Temperature) අංශකයක් විතර අඩු වෙන්න ඕනේ. ඔබ ගොඩක් රත් වෙලා ඉන්නවා නම්, මොළයට හිතෙන්නේ තවම වැඩ කරන්න වෙලාව කියලයි. අන්න ඒ වෙලාවට තමයි අපේ කකුල “රේඩියේටර්” එකක් වගේ වැඩ කරන්නේ.
පාදවල තියෙන “මැජික්” රුධිරවාහිනී
අපේ අල්ලේ සහ පතුලේ විතරක් තියෙනවා Arteriovenous Anastomoses කියලා සුවිශේෂී රුධිර වාහිනී ජාලයක්. මේවා නිකන්ම නිකන් නහර නෙවෙයි.. මේවා හරියට ශරීරයේ තියෙන “තාප කවුළු” වගෙයි..
සිසිල් වාතය – ඔබ කකුල එලියට දැම්මම, ඒ සිසිල් වාතය නිසා පතුලේ තියෙන රුධිරය වේගයෙන් සිසිල් වෙනවා.
සංසරණය – මේ සිසිල් වුණු රුධිරය මුළු ඇඟ පුරාම ගලාගෙන ගිහින් ඇඟේ ඇතුලේ තියෙන රස්නය අඩු කරනවා.
මොළයට පණිවිඩය – ඇඟ සිසිල් වෙනකොට මොළයට “දැන් නිදාගන්න වෙලාව හරි” කියලා සංඥාවක් ලැබෙනවා.
ප්‍රතිඵලය – විනාඩි ගණනාවක් ඇඳේ පෙරලෙන්නේ නැතුව ඉතා ඉක්මනින් ගැඹුරු නින්දකට වැටෙන්න ඔබට පුළුවන් වෙනවා.
අද රෑටත් උත්සාහ කරලා බලන්න..
ඔබට නින්ද යන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම්, නිදාගන්නකොට එක කකුලක් Blanket එකෙන් එලියට දාලා බලන්න. ඒක විකාරයක් නෙවෙයි, ඔබේ ශරීරය විසින්ම සුවදායී නින්දක් ලබාගන්න කරන “Biological Hack” එකක්..
අන්තර්ජාලය ඇසුරෙන්..











