Home සයුරෙන් එහා පුවත් මිනිස්සුන්ට වඩා සත්තු ගුණ දන්නවා කියන්නේ නිකම්ම නෙවෙයි. අයිතිකාරයෝ දාලා ගිය Negão...

මිනිස්සුන්ට වඩා සත්තු ගුණ දන්නවා කියන්නේ නිකම්ම නෙවෙයි. අයිතිකාරයෝ දාලා ගිය Negão ව අද “වැඩ බලන නිලධාරියෙක්.

0
711

මීට කාලෙකට කලින් Negão ව එයාගේ පරණ අයිතිකාරයෝ බ්‍රසීලයේ ඉන්ධන පිරවුම්හලක් හදන තැනක දාලා ගිහින් තිබුණා.

තනියම අසරණ වෙලා හිටපු මේ අහිංසකයා ගැන ඒ පිරවුම්හල අලුතින් මිලදී ගත්ත සබ්‍රිනා ඇතුළු පිරිසගේ හිත උණු වෙලා තියෙනවා.

සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙම බල්ලෙක් හිටියම පන්නලා දාන එක වුණත්, සබ්‍රිනාලා කළේ වෙනස්ම වැඩක්. ඔවුන් Negão ව හුරතල් කරලා, බෙහෙත් හේත් කරලා, කන්න බොන්න දීලා එතනම නතර කරගත්තා. හැබැයි එතනින් නතර වුණේ නැහැ.

Negão ගේ තියෙන හිතාගන්න බැරි මිත්‍රශීලී ගතිය දැකපු අයිතිකාරයෝ, මෙයාව ඒ ඉන්ධන පිරවුම්හලේ නිල “පිළිගැනීමේ නිලධාරියෙක්” (Greeting Officer) විදිහට පත් කළා…

දැන් Negão නිකම්ම බල්ලෙක් නෙවෙයි. එයාට දැන් තමන්ගේම කියලා Uniform එකක් තියෙනවා. නිල හැඳුනුම්පතක් (ID Card) තියෙනවා. මෙයා කොච්චර ජනප්‍රියද කියනවා නම්, පිරවුම්හලට එන පාරිභෝගිකයෝ Negão ට සෙල්ලම් බඩු සහ කෑම ජාති ගේන්නත් දැන් අමතක කරන්නේ නැහැල්ලු.

“අපිට පුළුවන් පොඩි උදව්වකින් තව ජීවිතයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් කියන්න Negão හොඳම උදාහරණයක්.”

Previous articleඒක විකාරයක් නෙවෙයි.. ඔබට සුවදායී නින්දක් ලබන්න හේතුවක් වෙන කාරණයක්.. සුවපහසු නින්දක් ලබන්න කැමති ඔබ අනිවාර්යයෙන්ම මේ කාරණය ගැන සැලකිලිමත් වෙන්න
Next articleඔබේ දියුණුවට ගෙදර බිත්ති ඔරලෝසුවත් වැදගත්.. ඒ ගැන ඇසෙන විශේෂ කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights