පවුල් ආරවුලක් දුරදිග ගොස් අවසානයේ මාරවිල ප්‍රදේශයම කම්පා කරවමින් අහිංසක බිරිඳකගේ දිවි තොරවූ අවාසනාවන්ත පුවතක් කටුනේරියෙන් වාර්තා වනවා.
මුළු ගමක්ම හඳුනන මේ යුවළගේ නිවසේ සිදු වූයේ කුමක්දැයි කාටත් තවමත් ප්‍රහේලිකාවක්.
(01) රාත්‍රියේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතක, ඇය තද නින්දේ පසුවූ නිදන කාමරයම ඇගේ අවසන් නවාතැන බවට පත් වුණා. පවුලේ ඇතිවූ යම් ගැටලුවක් නිසා උරණ වූ සැමියා, පිහියකින් බිරිඳගේ ගෙල කපා ඇයව මෙලොවින් සමුගන්වා ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අකාලයේ දිවි අහිමි කරගෙන ඇත්තේ අධිකාරි මුදියන්සේලාගේ තුෂාරි අධිකාරි නැමති 44 හැවිරිදි කාන්තාවකි. ආදරණීය බිරිඳක ලෙස සිටි ඇයට තමන්ගේම සැමියාගෙන් මෙවැනි මාරාන්තික සංග්‍රහයක් ලැබේ යැයි ඇය හීනෙකින්වත් නොසිතන්නට ඇති.
අපරාධය සිදුකිරීමෙන් පසු සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසනවා. මේ වන විට මාරවිල පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දිනයේ පැවැත්වීමට නියමිතයි.












