අද කාලයේ බොහෝවිට අපට පෙනෙන්නේ තමන්ගේ වාසිය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් සමාජයක්. නමුත් බද්දේගම සහ කුරුඳුගහහැතැම්ම ප්‍රදේශයෙන් අද ඇසුණු සිදුවීම, “මනුස්සකම” කියන වචනය තවමත් මේ රටේ ජීවමාන බව අපට මතක් කර දුන්නා.
ගෑස් සිලින්ඩර් රැගෙන ගිය කන්ටේනර් රථයක් අන තුරට පත්ව මහමග පෙරළී ගිය විට, සිලින්ඩර් සිය ගණනක් පාර පුරා විසිරී තිබුණා. අද කාලේ නම් බොහෝ තැන්වල එය “නොමිලේ ලැබෙන වාසනාවක්” ලෙස දකින්නටත් ඉඩ තිබුණා.
නමුත් එදා ඒ ගම්වැසියන් කළේ ඒක නොවේ.
ඔවුන් පළමුව දිව ගියේ තු වාල ලැබූ මිනිසුන් බේ රා ගැනීමටයි. තමන්ගේ ජීවිතවත් අවදානමට දාගෙන, තු වාලකරුවන් රෝහලට යැවීමට උදව් කළා. පසුව මහමග විසිරී තිබූ ගෑස් සිලින්ඩර් එකක්වත් තමන්ගේ කරගන්න උත්සාහ නොකර, ඒවා එකතු කර ආරක්ෂිතව තබමින් අයිතිකරුවන්ට භාර දීමට සහය වුණා.
අද මේ සිදුවීම අපට කියන්නේ එක දෙයක් පමණයි…
අගහිඟකම් තිබුණත්,
ගෑස් මිල වැඩිවුණත්,
ජීවිතේ අමාරු වුණත්…
මනුස්සකම තවමත් මේ රටේ මිනිසුන්ගේ හදවත තුළ ජීවත් වෙනවා.
තු වාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සු වය ලැබේවා!
මනුස්සකම රැකපු ඒ ගම්වැසියන්ට අපගේ ගෞරවය. ❤️












