Home දේශිය පුවත් ඔහු ලද මේ ජය ඇත්තෙන්ම අපට ආඩම්බරයක්.. අපිට නුපුරුදු කෑමක්, සුපුරුදු රසකට...

ඔහු ලද මේ ජය ඇත්තෙන්ම අපට ආඩම්බරයක්.. අපිට නුපුරුදු කෑමක්, සුපුරුදු රසකට පෙරළාගත් සූපවේදී දෑතක් ගැන ඇසෙන කතාව මෙන්න..

0
289

මේ ජයග්‍රහණය එක රැයකින් ඔහු දිනාගත් දෙයක් නෙවෙයි..

දශක දෙකකට ආසන්න කාලයක් එකම විදිහට අමල් කළ කැපකිරීම ගැන මෙහිදී අනිවාර්යයෙන්ම පැවසිය යුතුමයි.

2003දී ඉතාලියට ගිය අමල් සිය සූපවේදි ජීවිත‍යේ විශාල හැරවුම් ලක්ෂයක් ගැනයි මේ කතාව.

පීට්සා වර්ග 16ක් වෙනුවෙන් උතුරු ඉතාලියේ රිමිනි නුවර පැවැති Campionato del Mondo di Pizza ලෝක ශුරතාවලියේ ලැබූ ජයග්‍රහණය කරන්නට තරම් එදා වාසනාවන්ත වුණේ අපේ මේ පුංචි රටේ නියෝජනයක් වූ අමල් සතරසිංහයි. තරග අංශ 16ක් යටතේ පැවති ඒ තරගයට බහුතරයක් සහභාගී වී තිබුණේ ඉතාලි ජාතිකයින්.

ඔවුන් අතරින් ජයග්‍රාහකයෙක් ලෙස තමන්ගේ නම් ප්‍රකාශ කරනවිට අමල්ට මොන තරම් නම් සතුටක් දැනෙන්න ඇතිද.? ඔහු අන්න ඒ අත්දැකීම වචනවලට පෙරළුවේ මෙන්න මේ විදිහටයි.

“මගේ නමේ කොටසක් නිවේදනය කරනවා මට හීනෙන් වගේ ඇහුණා. මගේ නම තියෙන වෙන කෙනෙක්ද ? මට එහෙමයි හිතුණේ.. ‘මෙතන වෙන අමල්ලා නෑ බං..ඒ උඹම තමයි’ මගේ සිත මට බෙරිහන් දුන්නා..”

මේ සූපවේදී තරග මාලාවේ එක තරගයක ජය අමෙරිකානු ජාතිකයෙක් දිනා ගත්තා. ඉන් පසු පැවති තරගයකින් තමයි අමල් තුන්වැනි තැනට පැමිණ තිබුණේ. ඒ හැරුණම කිසිම රටකින් කාටවත් ජයග්‍රහණයක් අත්කර ගන්න බැරි වුණා. ඉතින් ශ්‍රී ලාංකිකයෙකුවීමේ අභිමානය හැකියාව තුළින් ලොවට ගෙනියන්න ඔහුට ලැබුණු ඒ අවස්ථාවේදී තමන්ට හැකි උපරිමයෙන්ම අමල් ඒක ඉටුකොට තිබුණා.

ඉතින් මේ තරගයේ ජයග්‍රාහකයෙක් වුණු අමල් මේ වනවිටත් තම බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග එරට සතුටෙන් ජීවත් වෙනවා. ලැබූ ජයග්‍රහණය සේම ඉදිරියත් මෙවැනි හැකියා තුළින් රටට අභිමානයක් එක්කරන්නට හැකිවේවායි කියා අපිත් ඔහුට සුබපතමු.

Previous article“ඒක පුදුම ආසාවක්.. ඒ ආසාව නැති වෙන්නේ නැහැ..” රසිකයින් වෙනුවෙන් ආදරයෙන් ගයන ඇයට මේ තරම් දරුණු වෙන්න පුළුවන්ද..?
Next articleහඬපටය ඉවත්කරගන්නැයි ඇයගෙන් ඉල්ලීමක්… ලොවක් කතා කළ ඒ විවාහයෙන් පසු රශ්මිකාගේ පැරණි සම්බන්ධයක් ගැන නැවතත් කතාව අලුත් වෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights