Home දේශිය පුවත් දුම්රිය නතර වුණේ මිනිත්තුවකටයි… නමුත් ඒ මොහොත මනුස්සකම කියන දේ මොකද්ද කියල...

දුම්රිය නතර වුණේ මිනිත්තුවකටයි… නමුත් ඒ මොහොත මනුස්සකම කියන දේ මොකද්ද කියල මුළු ලෝකෙටම පෙන්නුවා.ගණේමුල්ල ස්ටේෂමේ ඒ වෙලාවේ ඇත්තටම සිදු වුණේ මොකද්ද..?

0
846
තවමත් මේ ලෝකය ලස්සන මනුස්සකම පිරුණු මිනිස්සු ඉන්න නිසා කියලා ඔප්පු කරපු අපූරු සිදුවීමක් ඊයේ ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් වාර්තා වුණා.

ගණේමුල්ල ස්ටේෂමට දුම්රිය ළඟා වෙනවත් එක්කම, එක අම්මා කෙනෙක් තමන්ගේ පුංචි දරුවත් වඩාගෙන හති දාගෙන දුවගෙන එනවා එතන හිටපු පිරිසට දැකගන්න ලැබුණා.

ටිකට් අරගෙන, පාලම උඩින් දුවලා, ආයෙත් පාලමෙන් බැහැලා එනකොට දුම්රිය පිටත් වෙන්නයි ලෑස්තිය. ඒ අම්මට කොහොමටවත් ඒ වෙලාවට කෝච්චියට නගින්න වෙලාව මදි කියලා එතන හිටපු හැමෝටම තේරුණා.

සාමාන්‍යයෙන් දුම්රියක් නියමිත වේලාවට පිටත් විය යුතු වුණත්, මෙවර සිද්ධ වුණේ හිතාගන්න බැරි දෙයක්. ඒ දුවගෙන එන අම්මා සහ පුංචි දරුවා දෙස දුම්රිය රියදුරු මහතා ඉතාමත් ඉවසීමෙන් බලා සිටියා. ඔහු ඒ අම්මා දරුවත් එක්ක ආරක්ෂිතව දුම්රියට නගින තෙක්ම කෝච්චිය පණ ගැන්වූයේ නැහැ.

“රාජකාරියට වඩා මනුස්සකම වටිනවා” කියන දේ ක්‍රියාවෙන් ඔප්පු කරපු මේ රියදුරු මහතාගේ ක්‍රියාව එතන හිටපු හැමෝගේම ඇගයීමට ලක් වුණා. කාර්යබහුල ලෝකයක මෙවැනි නිලධාරීන් ඉන්නා තාක් අපේ රටට තවමත් බලාපොරොත්තුවක් තියෙනවා.

සමාජ මාධ්‍ය ඇසුරෙන්

Previous article2027 දී පෙර පාසල්වලට මොකද වෙන්නේ? මෙන්න අලුත්ම ආරංචිය…
Next articleමම ගත්ත කෙල්ලෙක්නෙහ්! මාව අම්මගේ බඩෙන් එළියට ගත්තේ එයාමයි කියලා දැනගත්ත ඒ මොහොත මට කවදාවත් අමතක වෙන්නේ නැහැ…” වසර 27කට පසු දෛවය ලියූ අපූරු හමුවීම..
error: Content is protected !!
Verified by MonsterInsights