ඒ අනුව QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා ගැනීමට ලක්ෂ පහත්, දහයත් අතර ප්‍රමාණයක් ව්‍යාජ දත්ත මත QR කෝටාව ලබා ගන්නේද යන සැකය මතුවන බවට මේ වන විට සැක මතුවී තිබෙනවා.
මේ අනුව ඉන්ධන ලබාගැනීම සඳහා ධාවනයේ නොමැති වාහන ලක්ෂ අටක් පමණ ව්‍යාජ ලෙස QR කේතය ලබා ගන්නා බවට සැක මතුවන බවයි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළේ.
එසේම, මේ වනවිට විද්‍යුත් යතුරුපැදි ඇතුළු වාහන ලක්ෂයක් පමණ මෙරට ධාවනයට එක්ව තිබෙනවා.
2022 දී වාර්තාවලට අනුව QR ක්‍රමයට ඉන්ධන ලබාගැනීමට වාහන ලක්ෂ 65 ක් ලියාපදිංචි වී තිබුණත් මෙවර එම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයිද විශ්වාස කෙරෙනවා.
2022 වසරේ අගෝස්තු ඉන්ධන කෝටා ක්‍රමය හඳුන්වා දී පැය විසිහතරක් තුළ වාහන හිමිකරුවන් ලක්ෂ දහයක් ලියාපදිංචි වී තිබුණා.
මින් පෙර, 2022 වසරේ අගෝස්තු සිට 2023 සැප්තැම්බර් දක්වා මාස 13 ක් QR ක්‍රමවේදය ක්‍රියාත්මක වුණා..
මැදපෙරදිග ඇතිවී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඉකුත් සඳුදා පෙරවරු 6 සිට QR ක්‍රමවේදය ආරම්භ කළ අතර ඒ අනුව 2022 දී ලබාගත් QR අවසර පත යළි සක්‍රිය කර ගැනීමට අවස්ථාව හිමිවුණා. මෙහිදී පාවිච්චි කළ වාහනය වෙනත් පාර්ශ්වයකට අලෙවි කළ, අලුතින් මිලදී ගත් අයට සහ දුරකථන අංක මාරුවූ අයට QR කෝටාව ලබා ගැනීමට නොහැකි වී තිබුණු බවයි වාර්තා වෙන්නේ.
අරුණ පුවත්පත ඇසුරෙන්..












