මනුස්ස රූප ගොඩයි. මිනිස්සු ටිකයි…..
මේ photo එකේ කැප් එකක් දාගෙන ඉන්නේ මම. මැදින් ඉන්නේ මේ බස් එකේ කොන්දොස්තර මහත්මයා. නිල් කමිසය ඇදන් ඉන්නේ රියදුරු මහත්මයා. මේ දෙන්නා හරි අපූරු මිනිසුන්. මනුස්සකමින් පිරිච්ච හිත් තියෙන දෙන්නෙක්.😍
මගේ මුදල් පසුම්බිය වැ ටු නේ පසුගිය 13 වෙනි සිකුරාදා. ඒ පොළොන්නරුවත් සිරිපුරත් අතර මාර්ගයේ. මුදල් පසුම්බියේ ඒ වෙනනොට පනස් දහසකට අධික මුදලක් තිබුණා. ඒ වගේම මගේ හැදුනුම්පත,බයික් එකේ ආදායම් බලපත්‍ර, බැංකු කාඩ්පත්, වගේම වගේම අත්‍යාවශ්‍ය ලිපි කිහිපයක්ද තිබුණා. මේ සියල්ලම නැති වුනාම මම සෑහෙන්න අසරණ වුනා.
ඊයේ 16 වෙනිදා ගෙදරට ටෙලි මේල් පණිවිඩයක් ආවා. ඒකේ තිබුනේ දුරකතන අංකයකුයි “කෝල් කරන්න _ සමන්” කියලයි. මම ඒකේ තිබුණු අංකයට කෝල් කලා. මගේ පර්ස් එක තියෙනවා කියල කතාකරපු කෙනා කිව්වා. මගෙන් විස්තරත් ඇහුවා. මම ඇත්තම අයිතිකාරයාද කියලා දැනගන්න තමයි එයා එච්චර දේවල් අහන්නේ කියලා මට තේරුණා. එයා දැනගත්තා මම තමයි ඒ පර්ස් එකේ ඇත්තම අයිතිකාරයා කියලා. එයා මට අද (17) හවස පහට කදුරුවෙල බස් නැවතුමට ඇවිත් ආයෙත් මාව ඇත්තම කෙනාද කියලා කියලා චෙක් කරලා මට පර්ස් එක දුන්නා.
පනස් දාහකට වැඩි මුදලක් තිබුණු මගේ මුදල් පසුම්බිය පාරේ වැ ටි ලා තියෙනවා දැකලා තියෙන්නේ මේ පින්තූරයේ ඉන්න රියදුරු මහත්තයා. ඒ කියන්නේ නිල් කමිසය ඇදන් ඉන්න කෙනා. Dilushan Jayawardena එයා බස් එක නවත්තලා කොන්දොස්තර අයියට කියලා ඒක අරගෙන. සමන් කියන්නේ කොන්දොස්තර අයියා.
එයාලට ඕනනම් සල්ලි ටික අරගෙන පර්ස් එක විසිකරන්න තිබුණා. ඒත් එයාලා එහෙම කළේ නෑ. එයාලට ඕන වුනේ ඒ මුදල් පසුම්බිය ඇත්තම අයිතිකාරයාට බාරදෙන්න. එයාලා ඒකට තෝරගත්ත ක්‍රමය තමයි අයිඩින්ටියේ තියෙන ලිපිනයට ටෙලි මේල් එකක් යවලා අයිතිකාරයා සම්බන්ධ කරගන්න එක. ඒක සාර්ථක වුනා.
මට සල්ලිත් එක්කම පර්ස් එක එයලා දුන්නා. මම ඒ වෙලාවේ එයාලා කරපු ඒ සුපිරිම වැඩේට ස්තූතියක් වෙනුවට මුදල් දෙන්න හැදුවා. එයාලා ඒක ප්‍රතික්ෂේප කළා.
මේවා තමයි මනුස්සකම්. තව කෙනෙක්ගේ අසරණ බවින් රජවෙන්න දගලන සමාජයක මේ දිලුෂාන් අයියත් සමන් අයියත් සුපිරිම මනුස්සයෝ දෙන්නෙක්. ජයම වෙන්න ඕන ඔයාලට. ඔයාලා හොඳ මිනිස්සු. ලස්සන මිනිස්සු. අගය කළ යුතුම මිනිස්සු. බුදුසරණයි !
ආඩම්බරයි අපේ රටේ මිනිසුන් ගැන 💪😍
– chameera Jayamal Bandara –












