Home දේශිය පුවත් නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගත් මෙරට ශික්ෂණ රෝහලක සේවය කල වෛද්‍යවරියක් ගැන ඇසෙන...

නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගත් මෙරට ශික්ෂණ රෝහලක සේවය කල වෛද්‍යවරියක් ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න..

0
828
වෛද්‍ය වෘත්තිය කියන්නේ රෝගී සිත් සුවපත් කරන රැකියාවක්. ඇය සිය රාජකාරි කටයුතු නොපිරිහෙළා ඉටුකළ තැනැත්තියක්.

ඒත් අද ඇය සියල්ලන් හඬවා නික්ම ගිහින්. දස අතින් ඇය ගැන ඇසෙන්නේ ගුණ වර්ණනා පමණයි. මේ ඇසෙන්නේ ඇය ගැන පළවූ ඒ සංවේදී කතාවයි.

ඇය පසුගියදා මෙලොවින් සමුගත්තා. වෛද්‍ය එච්. ශ්‍රීමති ස්වර්ණපාලි මහත්මියගේ හදිසි වියෝව දරාගත නොහැකිව ඇගේ ආදරණීයන් තැබූ සටහනක් තමයි මේ..

“මේ පුංචි හිත් ටික දාලා යන්න කොහොමද අක්කෙ හිත හදාගත්තෙ…
ඔයා වගේ ලෙංගතු.. කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව. හැම මනුස්සයටම එකවගේ සලකපු ඩොක්ටර් කෙනෙක් මම දැකලා නෑ… මම හැමදාම “ඩොක්ටර් ” නොකියා ඔයාට අක්කෙ කිව්වෙම ඔයාට තියන ඒ ආදරේට…
මම කඩන් වැටෙන තැන්වල ඔයා මගෙ හිත හැදුව වාර අනන්තයි. ඔයාගෙ ඉස්සරහ අඩ අඩා මම හිත නිදහස් කරගත්ත වාර අනන්තයි.. ආයෙ කවදාවත් අපිට එහෙම වෙන්න බැරිවෙයි…
නිවන් සුව මගෙ අක්කෙ.. සසර ගමනෙ කොතනක හරි අපි ආයෙ හමුවෙමු..”

වෛද්‍ය H.ශ්‍රීමති ස්වර්ණපාලි, පොලොන්නරුව ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටියදි හදිසියේ රෝගාතුර වී ඇය මියගොස් තිබෙනවා. වාර්තා වන අන්දමට ඇය නිව්මෝනියා රෝගයට ගොදුරු වී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

දරුවන් තිදෙනෙකුගේ ආදරණීය මවක් වූ ඇය පොලොන්නරුව ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සේවය කරමින් සිටි වෛද්‍යයවරියක්

රෝහල් කාර්ය මණ්ඩලය සදහන් කරන්නේ ඇය ඉතා සුහදශීලී මෙන්ම කඩිසරව රෝගීන් වෙනුවෙන් ඇපකැප වී කටයුතු කළ වෛද්‍යවරියක් බවයි. කෙසේ වෙතත් රටට සේවයක් කළ මේ ආදරණිය වෛද්‍යවරිය මේ වන විට සියල්ලන් හඬවා නික්ම ගිහින්..

Previous articleඇයට තිබුණේ එකම එක ඉලක්කයයි..අවධානය වෙනුවෙන් ඩොලර් 27000 වියදම් කර ලොකේ ලොකුම තොල් වල හිමිකාරිය ගැන ඇසෙන අමුතු කතාව මෙන්න..
Next articleඅදටත් ජීවමාන රටක් ආදරේ කරන එච්. ආර් ජෝතිපාලයන්ගේ ආදරණීය දියණියත් යන්නම ගිහින්.. මෙන්න ඒ ගැන ඇසෙන දුක්බර ආරංචියක්…!
error: Content is protected !!
Verified by MonsterInsights