Home දේශිය පුවත් මිත්තණිය සමග දිය නාමින් සිටි 9 හැවිරිදි දැරියක් කිඹුලෙකුට බි ලි වෙයි..

මිත්තණිය සමග දිය නාමින් සිටි 9 හැවිරිදි දැරියක් කිඹුලෙකුට බි ලි වෙයි..

0
1023

💔මිත්තණිය සමග දිය නාමින් සිටි 9 හැවිරිදි දැරියක් කිඹුලෙකුට බිලිවෙයි

මරදන්කඩවල, හිනුක්කිරියාව වැවේ දිය නාමින් සිටි 9 හැවිරිදි කුඩා දැරියක් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ජීවිතක්ෂයට පත්වීමේ අතිශය කනගාටුදායක පුවතක් ඊයේ (19) දහවල් වාර්තා විය. ගනේවල්පොල ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය, සිය මිත්තණිය සමග අදාළ වැවට දිය නෑම සඳහා ගොස් සිටියදී මෙම අනපේක්ෂිත කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇති බව මරදන්කඩවල පොලීසිය තහවුරු කර සිටියි.

සිද්ධිය සැලවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්, පොලිස් නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් එක්ව වැවට බැස දැරිය බේරාගැනීමේ අරමුණින් දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ. එම සෙවීමේ මෙහෙයුම හමුවේ කිඹුලා විසින් දැරිය අතහැර දමා ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් ඇයව කඩිනමින් මරදන්කඩවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. එහෙත්, අවාසනාවන්ත ලෙස රෝහලට ඇතුළත් කරන විටත් එම කුඩා දැරිය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Previous articleඅද සවස් කාලයේ විමසිලිමත් වෙන්න.. ප්‍රදේශ රැසක සිටින ඔබට මෙන්න විශේෂ අනාවරණයක්..
Next articleමේ ගැන දැනගෙන අද ඉදන් තෙල් ගහන්න.. ෂෙඩ් එකෙන් වාහන වලට තෙල් ගහද්දි හොර කරන විදිය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights