Home දේශිය පුවත් අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තැන තැන වැසි..

අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තැන තැන වැසි..

0
784

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Previous articleඇයගේ මරණය නිසා සියල්ලන්ම සිටින්නේ කම්පනයෙන්.. ඇය මනාලියක් වී හරියටම සති දෙකයි ගත වෙද්දී ඇසෙන ඒ අනුවේදනීය කතාව මෙන්න..
Next articleපෙරළිකාර රන්මිල අද වෙනස්ම තැනක නවතියි.. උඩුයටිකුරු වෙන රන්මිල ගැන අද නම් ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්…
error: Content is protected !!
Verified by MonsterInsights