Home දේශිය පුවත් “අවසන් ගමන් යන මිනිසුන් ගෞරවනීය ලෙස ලස්සන කරන, මශාලාවේ වැඩ කරන 19...

“අවසන් ගමන් යන මිනිසුන් ගෞරවනීය ලෙස ලස්සන කරන, මශාලාවේ වැඩ කරන 19 හැවිරිදි යකඩ කෙල්ල ස්නේහා..

0
823

“මම ඉඳගන්න මේසෙ මං ගාව මි.නී ගඳයි කියලා අනිත් මේසවලින් ඈත් කළා.ගෙදරකට ගියාම බොන්න වතුර පොදක් දෙන්නවත් සමහරු මැලි වුණා…”

නාරංගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ තමන්ගේ පියා එම්බාම්කරුවෙකු වීම නිසා පාසලේ යාළුවන්ගේ උසුළු විසුළු වලට, කොන් කිරීම් වලට ඇය ලක්වුණා. ඒ වේදනාව දරාගන්න බැරි තැන ඇයට අධ්‍යාපනය පවා අතරමග නතර කරන්න සිද්ධ වුණා.

​නමුත් ඇය වැටුණේ නැහැ! 👊

​වයස 13 දී මුලින්ම මෘත දේහයක් සංරක්ෂණය කරනවා දැකපු ස්නේහා, වයස 17 දී තමන්ගේ පළමු එ.ම් බා ම් කිරීම සාර්ථකව සිදු කරනවා.ඒ ස්වාමීන් වහන්සේ නමක්ව.

“ගොඩක් අය අහනවා කෙල්ලෙක් වෙලත් මේවගේ වැඩ කරන්න බය නැද්ද කියලා..ඇත්තටම එහෙම බය වෙන්න දෙයක් නැ.අපි හැමෝටම අවසානේ මල්ශාලාවට එන්නම වෙනවා.ඒක තමා යථාර්ථය..

​අද වන විට 19 හැවිරිදි වියේ පසුවන ඇය,මෘත දේහයන් 70-80ක් පමණ අවසන් කටයුතු කර ඇති දක්ෂ වෘත්තිකයෙක්.විශේෂත්වය වෙන්නේ ඇය රූපලාවන්‍ය පාඨමාලාවක් හැදෑරුවේ ජීවතුන් අතර ඉන්න අය ලස්සන කරන්න නෙමෙයි, අවසන් ගමන් යන මිනිසුන්ගේ රූපය ඉතා ගෞරවනීය ලෙස සහ ලස්සනට සකස් කරන්නයි. 💅✨

​අද ඇයට ඇයගේම කියා ව්‍යාපාරයක් තිබෙනවා. සමාජය ඇයව කොන් කළ ඒ වෘත්තියෙන්ම ඇය අද ජීවිතය ජයගෙන අවසන්.

​ප්‍රතික්ෂේප කිරීම් හමුවේ සැලෙන්නේ නැතිව, අභියෝග වලට රිදෙන්නම උත්තර දීපු මේ දිරිය දියණියට අපේ ප්‍රණාමය! ❤️🙏
​ඔබට සුබ අනාගතයක්, ස්නේහා!

-Supun Liyanarachchi-

Previous articleපෙරළිකාර රන්මිල අද වෙනස්ම තැනක නවතියි.. උඩුයටිකුරු වෙන රන්මිල ගැන අද නම් ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්…
Next article‘ තනියම ඉන්න අවසාන බර්ත්ඩේ එක” – ජනප්‍රිය නළු ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගෙන් විවාහය ගැන ඉඟියක් ?? හැමෝම බලා හිටපු ඒ කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights