Home දේශිය පුවත් මොකක්ද මේ අප්‍රේල් මුල ඉඳලා කරන්න යන අලුත්ම වැඩේ… මේකනම් අලුත්ම අත්දැකීමක්...

මොකක්ද මේ අප්‍රේල් මුල ඉඳලා කරන්න යන අලුත්ම වැඩේ… මේකනම් අලුත්ම අත්දැකීමක් වෙයි ඔන්න.. බලන්නකෝ විස්තරය.

0
401
මෙච්චර කල් කෝච්චියේ යන්න ටිකට් පෝලිමේ රස්තියාදු වුණු අපේ රටේ ජනතාවට මෙන්න සුපිරි පණිවිඩයක් ලැබෙනවා.

 

ලංකාවේ දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරන්න හදපු අලුත්ම දුම්රිය ප්‍රවේශපත්‍ර පද්ධතිය හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතිය ලබන අප්‍රේල් මස මුල සිට ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අපි හැමෝම පුරුදු වෙලා හිටපු අර රතු පාට පොඩි කාඩ්බෝඩ් ටිකට් එක වෙනුවට දැන් නවීන තාක්ෂණය දුම්රිය සේවයටත් ඇතුළු වෙනවා. මේ අලුත් ක්‍රමය යටතේ ඔබේ ජංගම දුරකථනයෙන් (Mobile Phone) ඉතා පහසුවෙන් ටිකට් එක වෙන් කරගන්න පුළුවන් වගේම, දුම්රිය ස්ථානයට ඇතුල් වෙද්දී QR කේතයක් (QR Code) ස්කෑන් කරලා ඇතුල් වීමේ පහසුකම ලැබෙනවා.

මෙම නියමු ව්‍යාපෘතිය මුලින්ම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ කැලණිවැලි දුම්රිය මාර්ගය මුල් කරගෙනයි. ඒ අනුව පහත සඳහන් දුම්රිය ස්ථානවලින් මෙම නවීන සේවාව මුලින්ම අත්විඳින්න ඔබට පුළුවන්:

නාරාහේන්පිට

නුගේගොඩ

මාකුඹුර

හෝමාගම

පාදුක්ක

මෙම ස්ථානවලදී මතුවන ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන, මුලින්ම කැලණිවැලි මාර්ගයේ සියලුම ස්ටේෂන් වලටත්, පසුව මුළු ලංකාව පුරාම තියෙන දුම්රිය මාර්ග පද්ධතියටත් මෙය ව්‍යාප්ත කිරීමට බලධාරීන් සූදානමින් සිටිනවා.

කොහොම වුණත් මේ වැඩේ සාර්ථක වුණොත්, හැමදාම කෝච්චියේ දුක් විඳින අපේ රටේ ජනතාවට ලොකු සහනයක් වගේම දුම්රිය සේවයේ නව පිම්මක් වෙයි කියලා සැකයක් නැහැ.

Previous articleනව යොවුන් විය අවුරුදු 30 දක්වා පවතිනවාලු.. ලොවක් පුදුම කරමින් සොයාගත් ඇස් උඩ යන නව සොයාගැනීමක් මෙන්න…
Next articleහිතවතෙක්ගේ රන් මාලයක් උකස්කර ලක්ෂ 6ක් අරන් – ජනප්‍රිය නිළි හර්ෂි රසංගා අත්අඩංගුවට
error: Content is protected !!
Verified by MonsterInsights