Home දේශිය පුවත් “නෑ මම තවම පටන් ගත්තා විතරයි… මම ආබාධිත වුණා කියලා ඇඬුවේ වැළපුණේ...

“නෑ මම තවම පටන් ගත්තා විතරයි… මම ආබාධිත වුණා කියලා ඇඬුවේ වැළපුණේ නැහැ.” ඔහු ඇත්තටම පණ තියෙන පාඩමක්..

0
343
නෑ මම තවම පටන් ගත්තා විතරයි…​ මම ආබාධිත වුණා කියලා ඇඬුවේ වැළපුණේ නැහැ.” ඔහු ඇත්තටම පණ තියෙන පාඩමක්..

යුධ පිටියේදී සතුරු වෙඩි උණ්ඩයකින් දෙපා පණ නැති වෙද්දී, හුඟක් අය හිතන්නේ “ඔක්කොම ඉවරයි” කියලා. හැමෝම එහෙම හිතද්දී, “නෑ මම තවම පටන් ගත්තා විතරයි” කියලා ලෝකෙටම ඔප්පු කරපු අපූරු මිනිසෙක් ගැනයි මේ කියන්න යන්නේ.

​ඔහු නමින් මේජර් ජෙනරාල් උපේන්ද්‍ර කරුණාරත්න. රෝද පුටුවෙන් ඇවිත් මෙරට හමුදා ඉතිහාසයේ ඉහළම තනතුරක් වන මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ මේ “විශේෂ බලකායේ” විරුවාගේ කතාව ඇත්තටම සිනමාපටයක් වගේ.

1997 ජනවාරි 09 වැනිදා පරන්තන් සටන් පෙරමුණ ගිනි ගනිමින් තිබුණා. එදා එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් උපේන්ද්‍ර කරුණාරත්නයන් දරුණු ලෙස තුවාල ලැබුවා. තත්ත්වය කොච්චර දරුණුද කියනවා නම්, ඒ වෙලාවේ යුධ පිටියේ හිටපු හැමෝම හිතුවේ ඔහු මියගිහින් කියලා. ඒත් දෛවය ඔහුට තව දිගු ගමනක් යන්න ඉතිරි කරලා තිබුණා.

​දෙපා පණ නැති වුණා කියලා ඔහු කාමරයකට වෙලා අඬ අඬා හිටියේ නැහැ. ඔහු කළේ පුදුම වැඩක් තමන්ගේ වාහනය අතින් පමණක් පාලනය කළ හැකි ලෙස තනිවම සකස් කරගෙන පදවන්න හුරු වුණා. එතැනින් නොනැවතී, තවත් එවැනිම ආබාධිත රණවිරුවන් 13 දෙනෙකුට තමන්ගේ වියදමින් වාහන සකස් කරලා දුන්නේ ලොකු පින්කමක් විදිහට.

​ශරීරය දුර්වල වුණත් මනස ශක්තිමත් කරපු ඔහු, අධ්‍යාපනය අතින් ඉහළටම ගියා. කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධියක් (MSc) ඇතුළු ඩිප්ලෝමා රාශියක් දිනාගනිමින් ඔහු පෙන්වා දුන්නේ යුධ පිටියේ වගේම දැනුමේ පිටියේත් ඔහු දක්ෂයෙක් බවයි.

​”මම ආබාධිත වුණා කියලා ඇඬුවේ වැළපුණේ නැහැ. මොකද මම ඇඬුවා නම් මගේ අම්මා ඇතුළු හැමෝම අඬනවා. මම ඒකට කැමති නැහැ.” මේ තමයි ඒ සැබෑ මිනිසාගේ නිහතමානී වචන පෙළ. එදා තම පුතා හමුදාවට යනවට අකමැති වුණු ඒ ආදරණීය මව, අද මේජර් ජෙනරාල්වරයෙක් වුණු තමන්ගේ පුතා දෙස බලන්නේ දෑසට කඳුළු උනන ආඩම්බරයකින්.

​මේජර් ජෙනරාල් උපේන්ද්‍ර අද ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයේ සේනාවිධායකවරයා ලෙස රටේ අනාගතය වෙනුවෙන් විශාල සේවයක් කරනවා.

​ජීවිතේ ප්‍රශ්න හමුවේ වැටෙන්න ඉන්න අයට උපේන්ද්‍ර කරුණාරත්නයන් කියන්නේ පණ තියෙන පාඩමක්..

Previous articleහිතවතෙක්ගේ රන් මාලයක් උකස්කර ලක්ෂ 6ක් අරන් – ජනප්‍රිය නිළි හර්ෂි රසංගා අත්අඩංගුවට
Next articleපිළිකා නසන දිව්‍යමය ඔසුවක් බඳු නිල් කටරොළු
error: Content is protected !!
Verified by MonsterInsights