Home දේශිය පුවත් දුවට බීම බෝතලයක් ගෙනත් දීලා විනාඩි කිහිපයකින්, ඒ ආදරණීය පියා සදහටම ඇස්...

දුවට බීම බෝතලයක් ගෙනත් දීලා විනාඩි කිහිපයකින්, ඒ ආදරණීය පියා සදහටම ඇස් පියාගත්තා. ආදරණීය පියෙක් ගැන ඇසෙන සංවේදී කතාව

0
833

සල්උයන් කන්දේ ඉර හඳ වෙනදා මෙන්ම පායා ආවත්, එදා දවස එතරම් සුන්දර වූයේ නැත. දහඩිය මුගුරු හෙළා තම දරුවන් තිදෙනාගේ කුසගින්න නිවන්නට වෙහෙස වූ 45 හැවිරිදි ජයලත් තිලක නම් ඒ අහිංසක පියාගේ හුස්ම පොද, අසල්වැසියකුගේ මාරාන්තික පිහි පහරක් හමුවේ සදහටම නතර විය.

සිද්ධිය වූ දින සවස දියණිය ඉරේෂා මධුෂානි තම පියා දුටුවේ වෙනදාටත් වඩා ආදරයෙනි. රැකියාව නිමවා වෙහෙසී පැමිණියත්, තම දියණියගේ පිපාසය ගැන විමසූ ඒ ආදරණීය පියා ඇයට බීම බෝතලයක් ගෙනැවිත් දුන්නේ නොදන්නා මරණයක සේයාවන් පසෙක තබාය. නමුත් ඒ සෙනෙහස විඳින්නට ඔවුන්ට ඉඩ ලැබුණේ සුළු මොහොතකි.

රාත්‍රී 7.45ට පමණ නිවසට පැමිණි අසල්වැසියෙකුගේ පෙරැත්තය නිසාම ජයලත් තිලකට නිවසින් බැහැරට යන්නට සිදු විය. පැය කිහිපයකට පසු ඔහු යළි පැමිණියේ තම හිස මත කසිප්පු හලා නින්දා කර ඇති බව පවසමිනි.

තම පවුලේ අභිමානය වෙනුවෙන් පෙනී සිටි ඔහු, තම බිරිඳට අසැබි වදනින් බැන වැදුණු අසල්වැසියාගෙන් ඒ පිළිබඳ විමසන්නට ගියේ දරාගත නොහැකි තැනය. “ඇයි බං උඹ හැමතිස්සෙම අපේ ගෑණිට කුණුහරුප කියල බනින්නෙ?” පියා ඇසූ ඒ අවසාන ප්‍රශ්නයට පිළිතුර වූයේ උදරයට එල්ල වූ මාරාන්තික පිහි පහරකි.

ලේ පෙරාගෙන, පපුව අල්ලාගෙන “අනේ මට ඇන්නා” කියා දුවගෙන ආ පියා දෙස බලා ඉරේෂාට කළ හැකිව තිබුණේ හඬා වැලපීම පමණි. 1990 ගිලන් රථ සේවයෙන් රෝහලට රැගෙන ගියත්, ඒ වන විටත් ඒ සෙනෙහස දියණියගෙන් සදහටම සමුගෙන තිබුණි.

අද සල්උයන් කන්දේ ඒ පුංචි නිවස සොහොන් පිටියක් මෙන් නිහඬය. මවගේ ඉකිබිඳුම හා දරුවන්ගේ අඳෝනාව මැදින් ඇසෙන්නේ, පවුලක කුළුණක් බඳු වූ පියෙකුගේ වියෝවයි.

Previous articleඅවුරුදු නිවාඩුවට පස්සේ ලංකාවම වෙනස් වෙන්නේ මෙහෙමයි! ලබන සඳුදා ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ආපු අලුත්ම පණිවිඩය.
Next articleඅදත් රන් මිලේ අදහාගත නොහැකි පෙරළියක්! රන් පවුමක අලුත්ම මිල ඇහුවොත් ඔබ පුදුම වේවි!
error: Content is protected !!
Verified by MonsterInsights