Home දේශිය පුවත් මුළු රටම හඬවන කොබෙයිගනේ දිය රකුසාගේ බිලි පූජාව..අතුරුදන් වූ හතර දෙනාගේ සිරුරුත්...

මුළු රටම හඬවන කොබෙයිගනේ දිය රකුසාගේ බිලි පූජාව..අතුරුදන් වූ හතර දෙනාගේ සිරුරුත් හමුවේ!

0
211
White flag blowing in the wind in front of a clear blue sky

මුළු රටම කම්පාවට පත් කරමින් නිකවැරටිය, කොබෙයිගනේ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණේ අදහාගත නොහැකි පුවතකි.

සිනහවෙන් සහ සතුටින් දිය නෑමට ගිය පිරිසකට දැදුරු ඔය මෙතරම් අකාරුණික වනු ඇතැයි කිසිවෙකුත් සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

ඊයේ (16) දිනයේ කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔය මංකඩකට දිය නෑමට ගිය පිරිසක් අනපේක්ෂිත ලෙස දියේ ගිලී අතුරුදන් වුණා.

ඊයේ දිනයේදීම පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු හමු වූ අතර, ඉතිරි පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වුණේ මුළු ගම්මානයම දැඩි නිහඬතාවයක ගිල්වමිනි.

ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදුකළ දැවැන්ත සෝදිසි මෙහෙයුමකින් අනතුරුව, අතුරුදන්ව සිටි අනෙක් සිව්දෙනාගේම සිරුරු අද සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

ඒ අනුව මෙම අවාසනාවන්ත දිය අනතුරින් මියගිය මුළු සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ

Previous article“දිනූ හැම දේ පැරදුනත් මා දිනා දෙන්නම් ඔබේ පැතුමන්… මෙතැන් සිට මේ සසර කොතරම් දුර උනත් මා එක්ක යන්නම්” අද ඇයට නම් ලෝකයක් වටින දවසක්
Next articleදැන් ඉතින් පරණ කතා ඉවරයි! බන්දු – බිංදු ආයෙත් එකතු වෙලා කරන්න යන අලුත් වැඩේ මොකක්ද?
error: Content is protected !!
Verified by MonsterInsights