Home දේශිය පුවත් අඩි 300ක් පහළට පෙරළෙද්දීත් රියදුරා ආසන පටි ගලවා බේරුණේ කොහොමද? බගවන්තලාව අනතුරේ...

අඩි 300ක් පහළට පෙරළෙද්දීත් රියදුරා ආසන පටි ගලවා බේරුණේ කොහොමද? බගවන්තලාව අනතුරේ සැඟවුණු කතාව…

0
688

බලංගොඩ සිට මහනුවර බලා මහ මඟ දිගේ ඇදුණු ඒ මෝටර් රථය අවසන් වුණේ කාගේත් සිත් කම්පා කරවන මහා ඛේදවාචකයකින්.Autos & Vehicles

අද උදෑසන 8:30ට පමණ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ටින්සින් කම්බිපනස්එක ප්‍රදේශයේදී අඩි 300ක මහා ප්‍රපාතයකට මේ රථය පෙරළී ගියේ මුළු ප්‍රදේශයම භීතියට පත් කරමින්.

නොසිතූ මොහොතක මාර්ගයෙන් ඉවතට පැනපු මේ රථය අඩි සිය ගණනක් පහළින් පිහිටි කෙසෙල්ගමු ඔය අසලටම පෙරළී තිබුණා. අනතුරේ බිහිසුණු බව කොතරම්ද යත්, රථයේ ගමන් ගත් එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. තවත් කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මේ වන විටත් දික්ඔය මූලික රෝහලේ මරණය සමඟ සටන් කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

මෙම රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර, පුදුමයට කරුණ නම් රියදුරා ආසන පටි ගලවා මෝටර් රථයෙන් ඉවතට විත් බේරී තිබීමයි. අනතුර සිදුවූ සැණින් ක්‍රියාත්මක වූ ඔහු පසුව මේ පිළිබඳව බගවන්තලාව පොලිසියට දැනුම් දී තිබෙනවා. අඩි 300ක් පහළට රථය වැටෙද්දීත් රියදුරා ජීවිතය බේරා ගැනීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ කරුණක් වුණා.

රථය ඇතුළේ සිරවී සිටි මළසිරුර සහ තුවාලකරුවන් ඉවතට ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් වුණේ නැහැ. ප්‍රපාතයට බැසගත් අවට වතු කම්කරුවන් සහ පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා ඔවුන්ව ඉවතට ගෙන තිබෙනවා.

රථයේ රියදුරු මේ වන විට බගවන්තලාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සැක කරන්නේ රියදුරුට නින්ද යාම නිසා මෙම මාරක අනතුර සිදුවන්නට ඇති බවයි.

Previous articleනීතිය අතටගෙන මවකගේ හිසකෙස් කැ.පු රාගම කල්ලියට වුණ වැඩේ මෙන්න..!
Next article1 වසරේ දරුවන්ට ලබන 30 වෙනිදා වෙන්න යන දේ මෙන්න! අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..
error: Content is protected !!
Verified by MonsterInsights