Home දේශිය පුවත් 1 වසරේ දරුවන්ට ලබන 30 වෙනිදා වෙන්න යන දේ මෙන්න! අධ්‍යාපන අමාත්‍යාංශයෙන්...

1 වසරේ දරුවන්ට ලබන 30 වෙනිදා වෙන්න යන දේ මෙන්න! අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..

0
3223

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින දැවැන්ත ප්‍රතිසංස්කරණ යටතේ, 2026 වසරේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.Educational Resources

මේ වන විටත් පළමු ශ්‍රේණියේ 2 වන සහ 3 වන වාරවලට අදාළ “ක්‍රියාකාරකම් පොත්” (Activity Books) බෙදාහැරීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අලුත්ම තොරතුරක් ලැබෙනවා.

අලුත් විෂය මාලාවට අනුව දරුවන්ට උගන්වන්නේ කොහොමද කියන එක ගැන මේ වන විටත් පළාත් විෂය අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන් සහ පුහුණුකරුවන් ඇතුළු සියලුම ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබා දී අවසන්. ඒ කියන්නේ මේ පාර පළමු ශ්‍රේණියේ පොඩිත්තන්ට ලැබෙන්නේ හරිම අලුත් සහ ක්‍රියාශීලී ඉගෙනුම් අත්දැකීමක්.

පාසල් දරුවන්ට අවශ්‍ය මේ ක්‍රියාකාරකම් පොත් සියල්ලම ලබන 30 වනදා වන විට පාසල් වෙත ලබාදී අවසන් කිරීමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉලක්කය වෙලා තියෙන්නේ. ඉතින් ලබන මාසයේ සිට සෑම දරුවෙකුටම මේ අලුත් වැඩපොත්වල වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා.

සමහර පාසල්වල පළමු වාරයේ විෂය කොටස් ආවරණය කරන්න බැරි වුණා කියලා කතාබහක් තිබුණා. අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙන්නේ, එවැනි අතපසු වූ කොටස් තිබේ නම් දෙවන වාරයේ වැඩ පටන් ගන්නා විටම ඒවා සම්පූර්ණ කරගන්න විදුහල්පතිවරුන් ක්‍රියා කළ යුතු බවයි.

අධ්‍යාපනයේ මේ වෙනසත් එක්ක, අපේ රටේ පාසල් පද්ධතියේ ගුණාත්මක බව තවත් වැඩි වෙයි කියලා අපි හැමෝම බලාපොරොත්තු වෙනවා…

Previous articleඅඩි 300ක් පහළට පෙරළෙද්දීත් රියදුරා ආසන පටි ගලවා බේරුණේ කොහොමද? බගවන්තලාව අනතුරේ සැඟවුණු කතාව…
Next articleමැයි මාසයේ ගෑස් සැපයුම ගැන විශේෂ ආරංචියක්.. වෙන්න යන දේ මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights