Home දේශිය පුවත් මැයි මාසයේ ගෑස් සැපයුම ගැන විශේෂ ආරංචියක්.. වෙන්න යන දේ මෙන්න..

මැයි මාසයේ ගෑස් සැපයුම ගැන විශේෂ ආරංචියක්.. වෙන්න යන දේ මෙන්න..

0
574

මෙරට බොහෝ දෙනෙක් ගෑස් භාවිත කරන පාරිභෝගිකයන් අතරට එක් වෙනවා.

ඒ අයට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මේ කියන්න යන්නේ විශේෂ ආරංචියක්.

මැයි මාසය සඳහා ද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

අප්‍රේල් මාසය සඳහා ගෑස් මෙට්‍රික්ටොන් 20,500ක් මේ වනවිට මෙරටට ලැබී ඇති බවත් තවත් මෙට්‍රික්ටොන් 17,500ක් ලැබීමට නියමිතය බවත් එම සමාගම පවසන්නේ.

ලිට්‍රෝ ගෑස් සමාගම පෙන්වා දෙන්නේ එම තොග මාලදිවයිනේ පාවෙන ගබඩාව තුළ ගබඩා කර ඇත බවයි.

ඊට අමතරව තවත් ගෑස් මෙට්‍රික්ටොන් 20,000ක නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත ළඟා වෙමින් පවතින බවද ලිට්‍රෝ සමාගම පවසනවා.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම සැලසුම් කළ පරිදි මෙම උත්සව සමයේ පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන ලෙස අවශ්‍ය ගෑස් ප්‍රමාණයන් වෙළඳපොළට නිකුත් කළ බවද සඳහන් කර තිබෙනවා.

එමෙන්ම උත්සව සමයෙන් පසුවද වෙළෙඳපොළට අවශ්‍ය ගෑස් තොග නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් අප්‍රේල් මස 16 සිට නැවතත් සාමාන්‍ය පරිදි ගෑස් පිරවීම් සහ බෙදාහැරීම් කටයුතු ඇරඹූ බවයි වැඩිදුරටත් දැනගන්න ලැබෙන්නේ.

අරුණ පුවත්පත ඇසුරෙන්..

Previous article1 වසරේ දරුවන්ට ලබන 30 වෙනිදා වෙන්න යන දේ මෙන්න! අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..
Next article“මාව අඩි 20ක වළකට වැටුණා.. මගේ කෑගැහිල්ලට එතැනට ආපු පුතාලා තුන්දෙනත් වළට වැටුණා” සහෝදරයින් තිදෙනෙකුට දිවි අහිමි කරමින් මහවැලි ගඟේ සිදුවූ ඛේදවාචකය ගැන පියා සාක්ෂි දෙමින් කී කඳුළු කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights