Home දේශිය පුවත් පරිස්සමෙන්! දිස්ත්‍රික්ක 3ක දරුණු විදිහට රෝගය පැතිරෙන ලකුණු, මේ වෙනකොටත් ජිවිත 12ක්...

පරිස්සමෙන්! දිස්ත්‍රික්ක 3ක දරුණු විදිහට රෝගය පැතිරෙන ලකුණු, මේ වෙනකොටත් ජිවිත 12ක් ගොදුරු වෙලා…

0
1951
ලංකාව පුරාම යළිත් ඩෙංගු රකුසා දරුණු විදිහට පැතිරෙන ලකුණු පහළ වෙලා තියෙනවා කියලා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය පවසනවා. 

විශේෂයෙන්ම දිස්ත්‍රික්ක තුනක මේ අවදානම ගොඩක් වැඩියිලු.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන විදිහට කොළඹ, ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවල තමයි ඩෙංගු රෝගීන් ඉහළම වේගයකින් වාර්තා වෙන්නේ. මීට අමතරව මාතර, ගාල්ල, කළුතර දිස්ත්‍රික්කවලත් කොළඹ මහ නගර බලප්‍රදේශයේත් රෝගීන් වාර්තා වීම ඉහළ ගිහින්.

මේ අවුරුද්දේ මේ වෙනකල් විතරක් ඩෙංගු රෝගීන් 24,601ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දරුවන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයන් 12 දෙනෙකු මේ වෙනකොටත් ඩෙංගු රෝගයෙන් ජීවිතක්ෂයට පත්වෙලා තියෙන්නේ මුළු රටක්ම කම්පනයට පත් කරමින්.

ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට දින දෙකකට වඩා උණ තියෙනවා නම්, වමනය, නිදිමත ගතිය හෝ ඇඟපත රුදාව තියෙනවා නම් හිත හිත ඉන්න එපා. වහාම වෛද්‍ය උපදෙස් ගන්න. ඒ වගේම මතක තබා ගන්න, පැරසිටමෝල් හැර වෙනත් කිසිම ඖෂධයක් පාවිච්චි කරන්න එපා කියලා වෛද්‍යවරු අවධාරණය කරනවා.

දැන් තියෙන වැස්ස නිසා මදුරු කීටයන් බෝවීම ගොඩක් ඉහළ ගිහින් තියෙනවා කියලා සමීක්ෂණවලින් හෙළි වෙලා තියෙනවා. ඒ නිසා තමන්ගේ නිවස අවට, වැඩබිම්, පාසල් පරිශ්‍ර වගේ හැම තැනක්ම පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන තැන් විනාශ කරන්න කියලා බලධාරීන් ඉල්ලීමක් කරනවා.

දිවයින පුවත්පත ඇසුරෙන්
Previous articleඅනේ මම යද්දි මගේ තාත්තා නෑ, මගේ තාත්තා මේ ලෝකේ අතහැරලා ගිහිල්ලා‍..” හැරදා ගිය පියා ගැන ඔහු ලියූ ඒ සංවේදී සටහන මෙන්න..
Next articleඑදා බිස්නස් එක කරගන්න විදිහක් නැතුව කරේ තිබ්බ මාල උගස් කරපු ඒ දෙන්න අද වෙද්දි මුළු ගමටම වලං දන්සැලක් දීලා.. දියුණු උනත් මුළ අමතක නොකරපු මිනිස්සු කියන්නේ මේ වගේ උතුම් අයට..
error: Content is protected !!
Verified by MonsterInsights