Home දේශිය පුවත් එදා බිස්නස් එක කරගන්න විදිහක් නැතුව කරේ තිබ්බ මාල උගස් කරපු ඒ...

එදා බිස්නස් එක කරගන්න විදිහක් නැතුව කරේ තිබ්බ මාල උගස් කරපු ඒ දෙන්න අද වෙද්දි මුළු ගමටම වලං දන්සැලක් දීලා.. දියුණු උනත් මුළ අමතක නොකරපු මිනිස්සු කියන්නේ මේ වගේ උතුම් අයට..

0
108

මතකද අලුත් අවුරුද්දට මොනරාගල ටවුන් එකේ වලං විකුණලා ප්‍රශ් නයකට ලක්වුන ඒ අසරණ පවුල…?

ඒ වෙලාවේ ඒ දුක දැකපු හොඳ හිතක් තියෙන මහත්තයෙක්, වලං වල වටිනාකමට සරිලන ලෙස ලක්ෂ 3කින් උදව් උපකාර කරලා තිබුණා.

හැබැයි මේ කතාවේ ඇත්තම හොදම ටික තියෙන්නේ ඒකට පස්සේ. ඒ සල්ලි අතට ලැබුණා කියලා ඔවුන් නිකන් ඉදලා නැහැ. මේ වෙසක් පෝයට ඒ පවුලම එකතු වෙලා, ඒ සල්ලි වලින්
මොනරාගල ජනතාවට වලං දන්සලක් දාලා තියෙනවා!

දන්සලට එන මිනිස්සුන්ගේ මුහුණවල් සතුටින් පිරිලා. වලං ගන්න දිග පෝලිම්…

ඒ හැමදේම බලද්දී හිතට එකම එක දෙයයි.

“කාලේකට කලින් තමන්ගේ කරමාලෙ උගස් කරලා බිස්නස් එක පටන් ගත්ත ඒ අය,
අද වෙද්දි තව කෙනෙක්ට පිනට දෙන්න පුළුවන් තැනට පැමිණිලා ඇවිත් කියන එක.

මේක තමයි සැබෑ වෙසක්. මිනිස්සු හැමදාම එකම තැන ඉන්නෙ නැ, දියුණු වෙනවා කියන එකට මේක හොද උදාහරණයක් ❤️

Previous articleපරිස්සමෙන්! දිස්ත්‍රික්ක 3ක දරුණු විදිහට රෝගය පැතිරෙන ලකුණු, මේ වෙනකොටත් ජිවිත 12ක් ගොදුරු වෙලා…
Next articleනිලි රැජින ඔවුන්ට මොන තරම් නම් ළං වෙන්න ඇතිද…? මාලනිය නැති දා ඇයගේ උපන්දිනය දවසේ ඔවුන් එක්කළ සංවේදී සටහන මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights