මරණාසන්න මොහොතේ පවා තම දරුවා අත නොහැරි අම්මා..
ඉන්දියාවේ නර්මදා නදියේ පසුගිය 30 වෙනිදා සිදුවූ සුඛෝපභෝගී බෝට්ටු අනතුරන් මේ වනවිට පුද්ගලයන් 09 දෙනෙකුගේ සි#රුරු සොයා ගෙන ඇති අතර තවත් අතුරුදහන් වුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය..40 දෙනෙක් පමණ මෙම සවාරිය සඳහා එක්ව සිටි අතර 28 දෙනෙක් බේරා ගැනීමට සමත්ව තිබේ..
මියගිය සිරුරු අතර තිබු මේ මෙම සිරුරු දෙක කෙරෙහි මේ වනවිට ලොවක් කතා කරන්න පටන් අරං තියෙනවා.. ජුලියස් මෙසී ගේ සහ සීයා මෙසි ගේ සිරුරු සොයා ගන්නා අවස්ථාවේ මව විසින් හතර හැවිරිදි දරුවා තමා ලගට ගෙන දෙදෙනාම එකම ආරාක්ෂිත ජැකටිටුව බදාගෙන ජිවත්විමට උත්සාහ දරා තිබෙන අයුරු කාගේත් නෙතට කදුලක් එක් කිරීමට සමත් වි තිබේ..
අනතුරට හේතුව බලධාරීන්ගේ නොසැලකිල්ල බව දිවි ගලවා ගත් අය චෝදනා කරති. බෝට්ටුවේ සිටි මගීන්ට ජීවිතාරක්ෂක කබා ලබා දී නොමැති බවත් ඔවුන් අගුළු දැමූ කාමරයක රඳවා ඇති බවත් පැවසේ.
තවද, අත්දැකීම් අඩු රියදුරන්, මගීන්ට අධික ලෙස වාහන පටවා ගැනීම සහ අයහපත් කාලගුණය තුළ බෝට්ටුව ධාවනය කිරීම වැනි නීති විරෝධී ක්‍රියා මෙම මරණවලට හේතු අතර වේ.
අග්‍රා සිට පැමිණි විශේෂ ගලවා ගැනීමේ කණ්ඩායමක් දැඩි අභියෝග මධ්‍යයේ බෝට්ටුවේ කොටස් කඩා දමා මළ සිරුරු සොයා ගෙන ඇත. ලාභය පමණක් අරමුණු කර ගනිමින් මගීන්ගේ ආරක්ෂාව අවදානමට ලක් කර ඇති මෙම සිදුවීම දැන් කළමනාකාරිත්වය පිළිබඳව බොහෝ ප්‍රශ්න මතු කර තිබේ.











