Home දේශිය පුවත් අධික රුධිර වහනය ඔහුගේ මරණයට හේතු වුණාද..? මියගිය මුදල් අමාත්‍යංශ නිලධාරියාගේ මරණය...

අධික රුධිර වහනය ඔහුගේ මරණයට හේතු වුණාද..? මියගිය මුදල් අමාත්‍යංශ නිලධාරියාගේ මරණය ගැන තවත් වෙනස්ම කතාවක් හෙළිවෙයි..

0
293

ඒ සිද්ධිය ගැන මේ වන විට කාරණා රැසක් අනාවරණ වෙමින් පවතිනවා.

ඒ අතරේ ඔහුගේ නික්මයාම ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ ඉතා සංවේදීවයි..


මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවැනි පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත කුරුණෑගල – පහළවීරඹුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ගෙවත්තේ සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයා ගත්තේ පසුගිය 30 වැනිදායි.

ඔහුගේ සිරුරේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල ද දක්නට ලැබුණු අතර, මූලික විමර්ශනවලින් සැකකෙරුණේ මරණයට හේතුව සියදිවි නසා ගැනීමක් බවටයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් 4 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට සෞළ්‍ය අමාත්‍යංශය පියවර ගත්තා.

එම මණ්ඩලය කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය සහ අනුරාධපුර යන ප්‍රදේශවල විශේෂ අධිකරණ වෛද්‍යවරුන් සිව්දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ඔවුන් ඊයේ දිනයේදී ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළා.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර මහතා පැවසුවේ තියුණු ආයුධයකින් සිදුවූ බහුවිධ කැපුම් තුවාල හේතුවෙන් ඇති වූ අධික රුධිර වහනය මත ඔහු මියගොස් ඇතැයි අදාළ විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය විසින් නිගමනය කර ඇති බවයි.

එම තුවාල බොහෝදුරට තමන් විසින්ම සිදුකරගත් ඒවා බවට හැඟී යන බවට ද එම විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය නිගමනය කර ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, මියගිය රංග නිශාන්ත මහතාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව අද ඔහුගේ නිවස වෙත රැගෙන ආවා.

ඥාතීන් පැවසුවේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිත බවයි.

Previous articleඅන්තිම හුස්ම තෙක් දරුවා අත නොහැරි අම්මා.. මුළු ලොවක් හඬවන ඒ ඛේදවාචකය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights