Home දේශිය පුවත් අයියා එක්ක දහම් පාසල් ගිය නන්ගි ගෙදර ආවේ නොඑන ගමන් ගිහින්..අයියා තාමත්...

අයියා එක්ක දහම් පාසල් ගිය නන්ගි ගෙදර ආවේ නොඑන ගමන් ගිහින්..අයියා තාමත් රෝහලේ ජිවිතයක් සමග සටනක…

0
965
ඉරිදා දිනක දහම් පාසල් ගොස් දහම් දැනුම ලබාගෙන සුන්දර හෙට දවසක් ගැන හීන මවපු 14 හැවිරිදි පුංචි දියණියකට අකාලයේ දිවියෙන් සමුගන්නට සිදු වූ අවාසනාවන්ත පුවතක් වැල්ලවාය, මහආරගම සිරිපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.


මේ සංවේදී කතාවේ අවාසනාවන්ත හිමිකාරිය වන්නේ මහආරගම සිරිපුර පදිංචි බුදුරුවගල විද්‍යාලයේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ආර්.එම්. සදිලි නිපුණිකා (14) නැමති සිසුවියයි.

සිද්ධිය වූ දින උදෑසන ඇය සිය සහෝදරයා සමඟ යතුරුපැදියෙන් වෙහෙරයාය ගංගාරාම විහාරස්ථානයේ දහම් පාසල වෙත යමින් සිට තිබෙනවා. නමුත් එම ගමන ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු කරනු ඇතැයි කවුරුත් සිතුවේ නැහැ. වැල්ලවාය ලංගම ඩිපෝවට අයත් බස් රථයක් ඔවුන් ගමන් ගත් යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී ඇත්තේ මුළු ප්‍රදේශයම කම්පනයට පත් කරමින්.

අනතුරින් බරපතල තුවාල ලැබූ සහෝදරයා සහ සදිලි දියණිය වහාම හඳපානාගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණත්, රෝහලට ඇතුළත් කරන විටත් සදිලි දියණිය මෙලොව හැර ගොස් අවසානයි. ඇගේ සහෝදරයා මේ වන විටත් බරපතල තුවාල සහිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, කුඩාඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

පාසල් නිල ඇඳුම වෙනුවට සුදු දහම් පාසල් ඇඳුමින් සැරසී අවසන් ගමන් ගිය මේ පුංචි දියණියගේ වියෝව මුළු මහආරගමම කඳුළින් තෙත් කර තිබෙනවා.
Previous articleඉමාෂා මියගියේ අකුණෙන් නෙවෙයි… ඇයගේ අකල් වියොව ගැන ඇසෙන ආන්දෝලනාත්මක හෙලිදරව්ව මෙන්න..
Next articleතාත්තේ… මාව දැවිල්ලයි, මට ගොඩක් රිදෙනවා… කොහොමහරි මාව බේරගන්න! කියලා එයා මගෙන් ඉල්ලුවා.තම දියණිය ජිවිතය ඉල්ලද්දී අසරණ වුණ පියකුගේ කදුළු කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights