Home සයුරෙන් එහා පුවත් ඇයගේ මේ ඇඳුම තුළ විශාල ව්‍යාපාරික පණිවිඩ සැඟවී තිබෙනවා.. ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගේ...

ඇයගේ මේ ඇඳුම තුළ විශාල ව්‍යාපාරික පණිවිඩ සැඟවී තිබෙනවා.. ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගේ දියණිය එදා සැරසුණු ඇඳුම ගැන ඇසෙන වෙනස්ම ආරංචිය මෙන්න..

0
219
ලොව සුප්‍රසිද්ධ විලාසිතා දැක්ම වන Met Gala 2026 උළෙලේදී ඉන්දියාවේ ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගේ දියණිය වන ඉෂා අම්බානි (Isha Ambani) කාගේත් නෙත් සිත් සොරාගත් තැනැත්තියක් බවට එදා රාත්‍රියේදී පත්වුණා.


ඇය පැළඳ සිටි රන්වන් පැහැති සාරිය මෙන්ම ඇය අත රැඳි අමුතුම ආකාරයේ “අඹ ගෙඩිය” සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහට ලක්වුණු කාරණාවක් වුණා.

බෑග් එකක් ලෙස පාවිච්චි කරන්නත් බැරි “ලෝහ අඹය”බැලූ බැල්මට ඇය අතේ තිබුණේ නියම අඹ ගෙඩියක් ලෙස පෙනුනද, ඇත්තෙන්ම එය ලෝක ප්‍රකට ඉන්දියානු කලාකරු සුබෝධ් ගුප්තා (Subodh Gupta) විසින් මීට වසර 20කට පෙර නිර්මාණය කරන ලද ලෝහමය මූර්තියක්.

ඉෂා අම්බානි පවසන පරිදි මෙය ඇය අතැතිව සිටියේ ඉන්දියාවේ ජාතික පලතුර ලෝකයාට නියෝජනය කිරීමටයි.  මෙම අඹ ගෙඩිය සැබෑ පලතුරක් නොවන බැවින් ඔබට එය අනුභව කළ නොහැකියි.

එමෙන්ම මෙය සාමාන්‍ය අත්බෑගයක් (Purse) ලෙස පෙනුනද, ඒ තුළ කිසිවක් බහාලීමටද ඉඩක් නොමැත. එය හුදෙක්ම ඇගේ විලාසිතාවට එක්කළ අගනා කලා නිර්මාණයක් පමණි.

අඹවලට සහ අම්බානි පවුලට ඇති සම්බන්ධය කුමක්ද? ඇතැම් අය මෙලෙස අඹ ගෙඩියක් රැගෙන යාම ගැන විහිළු තහළු කළද, අම්බානි පවුලට අඹ යනු හුදෙක් පලතුරක් පමණක් නොවේ. ඉෂා අම්බානි අඹ ගෙඩියක් අතැතිව පෙනී සිටීම පිටුපස විශාල ව්‍යාපාරික පණිවිඩයක් ද සැඟවී තිබෙනවා.

මුකේෂ් අම්බානිගේ රිලායන්ස් ඉන්ඩස්ට්‍රීස් (Reliance Industries) සමාගම සතුව ගුජරාටයේ ජම්නගර්හි අක්කර 600ක පමණ පැතිරුණු ලොව විශාලතම අඹ වත්ත පිහිටා තිබෙනවා.

මෙම වත්තෙන් වසරකට උසස් තත්ත්වයේ අඹ ටොන් දහස් ගණනක් යුරෝපය ඇතුළු ලොව පුරා රටවලට අපනයනය කෙරේ. කාර්මික අපද්‍රව්‍ය පිරිපහදු කළ ජලය යොදා ගනිමින්

කාන්තාර බිමක මෙම අඹ වනය නිර්මාණය කිරීම අම්බානි පවුල ලැබූ විශාල ජයග්‍රහණයක්..
Previous articleඔන්න දැන් ඇයට අවස්ථාව ලැබිලා.මට හැකිනම් මමතාව ඇඳගෙන ගොස් සිරගත කරනවා..දියණියට වු අසාධාරණය වෙනුවෙන් දේශපාලනට පිව්සි.. අම්මා..
Next articleඅද Facebook එක පුරාවටම වයිරල් වුණ උන මේ වෙඩින් කපල් එකට විවාහයට ඇදපු ඇදුම ගැන චරිත සහතික දෙන්න කලින්, ඇදුම් වලට යටින් තියෙන එයාලගේ කතාව කියවලා බලන්න.
error: Content is protected !!
Verified by MonsterInsights