Home සයුරෙන් එහා පුවත් ඔන්න දැන් ඇයට අවස්ථාව ලැබිලා.මට හැකිනම් මමතාව ඇඳගෙන ගොස් සිරගත කරනවා..දියණියට වු...

ඔන්න දැන් ඇයට අවස්ථාව ලැබිලා.මට හැකිනම් මමතාව ඇඳගෙන ගොස් සිරගත කරනවා..දියණියට වු අසාධාරණය වෙනුවෙන් දේශපාලනට පිව්සි.. අම්මා..

0
186

තම දියණිය කෲ-ර ලෙස අපයෝ*ජනයට ලක් කිරීමේ පළිය ගැනීමට දේශපාලනයට පිවිසි මේ කාන්තාව 2026 බටහිර බෙංගාල මැතිවරණ සමයේ පුවත් මවන්නියක වුණා. ඇය නමින් රත්නා දේබ්නාත්. ඇගේ දියණිය පුහුණු වෛද්‍යවරියක ලෙස කල්කටාවේ රෝහලක රාත්‍රී සේවා මුරයේ නියුතුව සිටියදී සමූ*හ අප*යෝජනයට ලක් කොට ම*රා දැමුණා. 2024 දී සිදුවූ මෙය ඉන්දියාව සසල කළ පුවතක් වූ අතර මේ සම්බන්ධව යුක්තිය ඉල්ලා විශාල පරිමාණයෙන් මහජන උද්ඝෝෂණ පැවැත්වුණා.

ජාතික මට්ටමෙන්ම මැදිහත් වී සිදුවීම සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදු කොට ප්‍රධාන වැරදිකරු ලෙස හඳුනාගත් පුද්ගලයා ජීවිතාන්තය තෙක් සිර දඬුවමකට යටත් කරනු ලැබුවා. එහෙත් රත්නා මෙවර දේශපාලනයට පිවිසෙන්නේ සිය දියණියට නිසි පරිදි යුක්තිය ඉටු නොවුණු බව කියමින්. එක් පුද්ගලයෙකුට පමණක් දඩුවම් නොවන බව පවසන ඇය ඉතිරි පරීක්ෂණ කටයුතු මන්දගාමී වීම සැක සහගත බව කියමින් පැවති ප්‍රා-න්ත රජයට චෝදනා කළා.

භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වූ ඇය දිගින් දිගටම ඉතා බරපතල ලෙස ඒ වන විට ප්‍රා-න්ත බලය හෙබවූ ම-ම්තා බැන-ර්ජිට මේ පිළිබඳව චෝදනා එල්ල කළා. ඒ ඇය නීතිය සහ කාන්තාවන්ගේ ආරක්ෂාව නිසි ලෙසින් සැලසීමට අපොහොසත් වූ බව කියමින්. වරක් ඇය ‘තමාට හැකි නම් මම්තාගේ කො*ණ්ඩයෙන් ඇද*ගෙන ගොස් සිර ගත කරන බව’ මැතිවරණ වේදිකාවක ප්‍රකාශ කළා. දැඩි ආන්දෝලනයකට මුල් වූ මේ ප්‍රකාශය මේ සම්බන්ධව මම්තාගේ පක්ෂය රත්නාට එරෙහිව නීතිමය පියවර ගැනීමට නඩුවක්ද ගොනු කළා.

අවසානයේදී බටහිර බෙංගාල මැතිවරණය බීජේපීය ජයග්‍රහණය කළ අතර රත්නා දේබ්නාත්ද තම අසුන ජයග්‍රහණය කළා. ජයග්‍රහණයෙන් පසු ඇය ඉතාම හැඟීම්බර ලෙස සිය ආධාරකරුවන් හමුවන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

ඇය තම දියණියගේ ඛේදවාචකය දේශපාලන වාසි ලබා ගැනීම සඳහා යොදා ගන්නා බවට ඇතැම් අය රත්නාට චෝදනා කළා. නමුත් ඇයට සහය දක්වමින් ඇයව අගය කළ පිරිස ඉතා විශාලයි.

 

Previous articleපාසලේ ඉන්න දක්ෂම සහ සුන්දරම සිසුවිය අංශභාගයෙන් පෙලෙන තාත්තාව බලාගන්න මැදියම් රැයේ කරන රැකියාව ගැන දැනගත්ත හැමෝගෙම ඇස් කඳුලින් තෙත් වුනා..
Next articleඇයගේ මේ ඇඳුම තුළ විශාල ව්‍යාපාරික පණිවිඩ සැඟවී තිබෙනවා.. ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගේ දියණිය එදා සැරසුණු ඇඳුම ගැන ඇසෙන වෙනස්ම ආරංචිය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights