බෑග් එකක් ලෙස පාවිච්චි කරන්නත් බැරි “ලෝහ අඹය”බැලූ බැල්මට ඇය අතේ තිබුණේ නියම අඹ ගෙඩියක් ලෙස පෙනුනද, ඇත්තෙන්ම එය ලෝක ප්‍රකට ඉන්දියානු කලාකරු සුබෝධ් ගුප්තා (Subodh Gupta) විසින් මීට වසර 20කට පෙර නිර්මාණය කරන ලද ලෝහමය මූර්තියක්.
එමෙන්ම මෙය සාමාන්‍ය අත්බෑගයක් (Purse) ලෙස පෙනුනද, ඒ තුළ කිසිවක් බහාලීමටද ඉඩක් නොමැත. එය හුදෙක්ම ඇගේ විලාසිතාවට එක්කළ අගනා කලා නිර්මාණයක් පමණි.
අඹවලට සහ අම්බානි පවුලට ඇති සම්බන්ධය කුමක්ද? ඇතැම් අය මෙලෙස අඹ ගෙඩියක් රැගෙන යාම ගැන විහිළු තහළු කළද, අම්බානි පවුලට අඹ යනු හුදෙක් පලතුරක් පමණක් නොවේ. ඉෂා අම්බානි අඹ ගෙඩියක් අතැතිව පෙනී සිටීම පිටුපස විශාල ව්‍යාපාරික පණිවිඩයක් ද සැඟවී තිබෙනවා.
මුකේෂ් අම්බානිගේ රිලායන්ස් ඉන්ඩස්ට්‍රීස් (Reliance Industries) සමාගම සතුව ගුජරාටයේ ජම්නගර්හි අක්කර 600ක පමණ පැතිරුණු ලොව විශාලතම අඹ වත්ත පිහිටා තිබෙනවා.
මෙම වත්තෙන් වසරකට උසස් තත්ත්වයේ අඹ ටොන් දහස් ගණනක් යුරෝපය ඇතුළු ලොව පුරා රටවලට අපනයනය කෙරේ. කාර්මික අපද්‍රව්‍ය පිරිපහදු කළ ජලය යොදා ගනිමින්

















