Home දේශිය පුවත් හෙට සහ අනිද්දාත් මේ පාසල් වසා තැබේ… මෙන්න නවතම තත්වය ගැන ඇසෙන...

හෙට සහ අනිද්දාත් මේ පාසල් වසා තැබේ… මෙන්න නවතම තත්වය ගැන ඇසෙන අලුත්ම කතාව

0
5775
Red closed stamp. Horizontal composition.

දෙණියාය අධ්‍යාපන කලාපයෙන් ලැබෙන්නේ එතරම් සුබ ආරංචියක් නම් නෙවෙයි.

පසුගිය දින කිහිපය පුරාම සිසුන් සහ ගුරුවරුන් අතර වේගයෙන් පැතිර ගිය අද්භූත උණ රෝගී තත්ත්වය තවමත් පාලනය වී නැති බවයි වාර්තා වෙන්නේ.

පැතිර යන රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් දැඩි උපදෙස් මත, දෙණියාය කලාපයේ ප්‍රධාන පාසල් හතරක් හෙට (11 වැනිදා) සහ අනිද්දා (12 වැනිදා) යන දින දෙකේදීත් වසා තැබීමට කලාප අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා.

මෙම හදිසි නිවාඩුව හිමිවන්නේ පහත සඳහන් පාසල් හතරටයි:
මාර/දෙණියාය ජාතික පාසල
මාර/දෙණියාය මැතිව්ස් ද්විභාෂා මහ විද්‍යාලය
මාර/සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය
මාර/දෙණියාය රාජපක්ෂ මහ විද්‍යාලය

මුලින් පාසල් වසා දැමුවේ තත්ත්වය පාලනය කිරීමට වුවත්, සිසුන් සහ ගුරුවරුන් අතර රෝගය පැතිර යාමේ අවදානම තවමත් ඉහළ මට්ටමක පවතින බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ නිසා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් පාසල් වසා තැබීමට බලධාරීන්ට සිදු වී තිබෙනවා.

ප්‍රදේශයේ දෙමාපියන් පවසන්නේ තම දරුවන්ගේ සෞඛ්‍යය ගැන දැඩි අවධානයෙන් පසුවන ලෙසයි. මේ දිනවල උණ, කැස්ස වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත්, සෙනඟ ගැවසෙන ස්ථානවලින් දරුවන් ඈත් කර තබන ලෙසත් සෞඛ්‍ය අංශ සිහිපත් කරනවා.

Previous articleමී මැසි ආදරෙට දවස් තුනක් නෙනා හිටිය ඇන්ජලීනා ජොලි ගැන ඇසෙන අමුතු කතාව මෙන්න..
Next articleමගේ චූටි මල්ලි ඔයා ගියා කියන එක හිත තවම පිළිගන්නෙ නැහැ, පුංචි වයසකින් අපිව දාලා ගියත්, ඔයාගේ හිනාව… ඇසට කඳුලක් ගෙනෙන සංවේදී කතාවක්..!
error: Content is protected !!
Verified by MonsterInsights