Home දේශිය පුවත් සොයිසාපුර ගින්න පිටුපස අභිරහසක් ? ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර 20ක්.. සෝදිසි මෙහෙයුම්වලදී...

සොයිසාපුර ගින්න පිටුපස අභිරහසක් ? ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර 20ක්.. සෝදිසි මෙහෙයුම්වලදී හමුවූ දේ..

0
12

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නට හසු වූ නිවසක තිබී ගෑස් සිලින්ඩර 20ක් සොයාගෙන තිබෙනවා.

මහල් නිවාස සංකීර්ණයේ සී කොටසේ නිවසක් තුළ ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගෙන තිබුණා.

එය නිවා දැමීම සඳහා කොළඹ සහ මොරටුව මහ නගර සභාවලින් ගිනි නිවීමේ රථ 6ක් යොදවා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ගින්න හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් තුන්දෙනෙකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

සිද්ධියෙන් මියගියේ නිවසේ හිමිකරු වන අතර ඔහු 84 හැවිරිදි වියේ පසුවනවා. ගින්නෙන් ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා මෙන්ම 15 හැවිරිදි අසල්වැසි දරුවෙකුද තුවාල ලබා ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ගෑස් කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ගෑස් සිලින්ඩර 20ක් සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ නිවසේ මෙලෙස ගෑස් සිලින්ඩර ගබඩා කර තැබුවේ ඇයිද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

Previous articleචුට්ටක් කරදරයි තමයි – හැබැයි බැංකුවලින් කරන මේ වැඩේ හින්දා ආරක්ෂා වෙන්නේ අපේ සල්ලියි.!
Next articleමන්නකැටි ඇල්ලේ දියේ ගිලි අතුරුදන් වූ දෙදෙනාගෙන් එක් අයෙකුගේ නිසල සිරුර හමුවෙයි….
error: Content is protected !!
Verified by MonsterInsights