Home දේශිය පුවත් කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් දෙකක්

කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් දෙකක්

0
14

සියඹලන්ගමුව ‘කාවන්තිස්ස ‘ ඇතාගේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, වනජීවී සංරක්ෂණ දෙපාර්‌තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන් අද (25) දිනයේදීත් අඛණ්ඩව ප්‍රතිකාර කටයුතු සිදු කරනවා.

ඊයේ (24) දිනයේදී ද වෛද්‍ය කණ්ඩායමක් විසින් ඇතාට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ සහ වේදනා නාශක ප්‍රතිකාර ලබාදීම සිදු කෙරුණා.

අප මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය පශු වෛද්‍ය අධ්‍යක්ෂකවරියගෙන් සිදු කළ විමසීමකදී ඇය පැවසුවේ ඇතාට ලබාදෙන ඖෂධ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවයි.

අවශ්‍ය හදිසි ප්‍රතිකාර හෝ වෙනත් වෛද්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ නිලධාරීන් සූදානමින් සිටින බවත් ඇය සඳහන් කළා.

මේ වන විට ඇතාගේ තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සඳහා කණ්ඩායම් දෙකක් යොදවා ඇති අතර, අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීමට කටයුතු කරමින් සිටිනවා

 

Previous articleමන්නකැටි ඇල්ලේ දියේ ගිලි අතුරුදන් වූ දෙදෙනාගෙන් එක් අයෙකුගේ නිසල සිරුර හමුවෙයි….
Next articleමාසෙ පඩිය ලැබුණ ගමන් අතුරුදන් වෙන්නේ ඇයි? මාසෙ අන්තිමටත් රජෙක් වගේ ඉන්න මේක කියවන්න..
error: Content is protected !!
Verified by MonsterInsights