ලංකාවේ කලා ක්ෂේත්රය තුළ ඉන්න දක්ෂතම වගේම ලස්සනම රංගන ශිල්පිණියක් විදියට ශලනි තාරකා ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.
රංගන ප්‍රතිභාවෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව දිනාගත්ත ශලනිගේ උපන්දිනය ඊයේ දිනයට යෙදී තිබුණා.
බොහෝ ජනප්‍රිය තරු තමන්ගේ උපන්දිනය ලොකු සාද පවත්වමින් සමරද්දී, ශලනි මෙදා සැරේ තමන්ගේ උපන්දිනය සැමරුවේ හරිම පින්වත් විදියටයි. ඒ, ඇගේ උපන්දිනයට සමගාමීව උතුම් දානමය පුණ්‍යකර්මයක් සංවිධානය කරමින්.
මේ දානමය පිංකමේ අවස්ථා කිහිපයක් සමාජ මාධ්‍ය වෙත එක් කරමින් ඇය එහි මෙලෙස සටහනක් ද තබා තිබුණා.
“ඊයේ මගේ උපන්දිනය වෙනුවෙන් සිදුකෙරුනු දානමය පිංකම… නන් අයුරින් සහය වුන සැමට ස්තුතියි..”
කලා ක්ෂේත්රයේ හිතමිතුරන්ගෙන් වගේම ඇයට ආදරය කරන ප්රේක්ෂකයන්ගෙනුත් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට උණුසුම් සුබපැතුම් ගලාගෙන එනවා. ඉතින් මේ විදියට නිහතමානීව උපන්දිනය සැමරූ ආදරණීය ශලනිට, ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලත් අපි සුබ ප්‍රාර්ථනා කරනවා!









